19.2 C
London
Monday, May 19, 2025
spot_img

කොදෙව් ප්‍රේක්‍ෂකයාගෙන් මාලිංගට ප්‍රහාරයක්

මේ දිනවල ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතා කනගාටුදායක කාලයක් උදා වී ඇත​.
දිගින් දිගටම තරඟ පරාද වනවා මෙන්ම ක්‍රීඩකයන්ට ද විවිද අපහසුතාවන්ට මිහුන දීමට සිදුවිය​.
එංගලන්ත සංචාරයේදී ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලීන්ට ද විවිධ ප්‍රහාර එල්ල විය​.
නවතම සිදුවීම වර්ථා වුයේ කොදෙව් සංචාරයේ දීය​. ඒ මාලිංග හට ය​.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට බටහිර ඉන්දිය කොදෙව් ජාතික පේ‍්‍රක්‍ෂකයෙක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පේ‍්‍රක්‍ෂකයාට අධිකරණයෙන් දඩුවම් නියම කර තිබෙනවා.

ඒ, සැකකරු පෝට් ඔෆ් ස්ප‍්‍රින් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. එහිදී සැකකරු ඩොලර් දහසක ඇප බැදුම්කරයක් මත නිදහස් කළ බවයි ටි‍්‍රනිඩෑඞ් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කළේ. මීට අමතරව වසරක කාලයක් ඔහුට මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ නොවි කටයුතු කරන ලෙසට ද අධිකරණයෙන් අවවාද කර තිබෙනවා. කිසියම් හෙයකින් යලි මෙවැනි ක‍්‍රියාවක් සම්බන්ධයෙන් අධීකරණයට ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කර බරපතල වැඩ සහිත සති දෙකක සිරදඩුවමක් නියම කරන බවද මහේස්ත‍්‍රාත්වරයා මෙහිදි පැවසුවා. කොදෙව් හී පැවති තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් තරගය නිමාවීමට විනාඩි කිහිපයේ තිබියදී ලසිත් මාලිංගට කිසියම් භාණ්ඩයකින් පහරදුන් බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා. සැකකරු 40 හැවිරිදි වියේ පසු වු විජේ ඔව්ටින් නමැත්තෙක් බවයි  බටහිර ඉන්දිය කොදෙව් මාධ්‍ය වාර්තා කළේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles