16.3 C
London
Wednesday, April 30, 2025
spot_img

කොළඹ මහ නගර සභාවේ සෙංකෝලය උස්සලා

කොළඹ මහ නගර සභා මාසික රැස්වීම පැවැත්වෙන අතරවාරයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් සෙංකෝලය පැහැර ගෙන ගොස් තිබේ.

නගරාධිපතිවරයා විසින් රැස්වීම පවත්වාගෙන යාමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරයෙකු සෙංකෝලය පැහැර ගෙන ගිය බව විපක්ෂයේ නගර සභා මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් රීෆා සරුක් මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී නගරාධිපති එම්.ජේ.එම් මුසම්මිල් මහතා සඳහන් කළේ රැස්වීම කඩාකප්පල් කිරීම සඳහා සෙංකෝලය පැහැරගෙන ගිය ද ඉන් රැස්වීම පැවැත්වීමට බාධාවක් නොවූ බවයි.

කෙසේ වුවද සෙංකෝලය සෙවීම සඳහා පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
News-Adaderana-

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles