22.6 C
London
Thursday, June 19, 2025
spot_img

කෝක් කොළ වෙයි

වසර 1920 ගණන් සිටම රතු පාට කොකා කෝලා ලාංඡනය යනු එම පානයේම සුවිශේෂී කොටසකි.

කෙසේ වෙතත්, මෙම රතු පැහැය හරිත පැහැයට හැරී ඇතැයි වාර්තා වේ.

ඒ, ආර්ජන්ටිනාවේ වෙළඳපොලට නිකුත් කර ඇති අළුත් ම ‘කොකා කෝලා ලයිෆ්’ නිෂ්පාදනයත් සමගිනි.

මෙම නිෂ්පාදනය සාම්ප්‍රදායී කොකා කෝලා නිෂ්පාදනයට වඩා වෙනස් වන්නේ එහි කොළ පැහැති ලාංඡයනය මගින් පමණක් නොවේ.

‘කොකා කෝලා ලයිෆ්’ පානය පැණිරස කර ඇත්තේ කැලරි රහිත ස්වභාවික පැණිරසකාරකයක් වන ස්ටීවියා මගිනි.
ස්ටීවියා යනු උතුරු හා දකුණු ඇමෙරිකානු මහද්වීපයේ නිවර්තන කලාප වලට ආවේනික ශාඛයකි. සුවීට් ලීෆ්, ෂුගර් ලීෆ් යන නම් වලින් ද හැඳින්වෙන මෙහි පත්‍ර පැණිරසය.

කෝක් හා පෙප්සි සමාගම් විසින් වෙනත් නිෂ්පාදන සඳහා ස්ටීවියා යොදාගත්තද, කොකා කෝලා පැණිරසගැන්වීමට මෙය යොදාගෙන ඇති පළමු අවස්ථාව මෙය බව පැවසේ.

‘කොකා කෝලා ලයිෆ්’ අසුරා ඇති බෝතලයද 30%ක් සාදා ඇත්තේ ශාඛ කොටස් වලින් බවත්, එය සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කර හැකි බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

මෙහි මි.ලී. 600ක බෝතලයක කැලරි 108ක් පමණ ඇතැයි වාර්තා වේ.

මීට සති කිහිපයකට පෙර ද කොකා කෝලා සමාගම විසින් කොලොම්බියාවේ නව නිෂ්පාදනයක් හඳුන්වාදුන් අතර, එම

කොකා කෝලා නිෂ්පාදනයේ විශේෂත්වය වූයේ එය සම්පූර්ණයෙන්ම අයිස් වලින් සැදුම් ලත් බෝතලයක ඇසුරුම් කර තිබීමයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles