ගඩාෆිගේ බාලම පුතු මරා දැමේ

ගඩාෆිගේ ලබාලතම පුතු වන කමිස් ගඩාෆි බානි වැලිඩි හීදී ඝාතනයට ලක් කර ඇති බවට ලිබියානු ජාතික කොංග‍්‍රස් පක්ෂය සනාථ කර ඇති බවට විදෙස් මාධ්‍ය ප‍්‍රකාශ කරයි.

28 හැවිරිදි ඔහු සටනේදී මරණයට පත්වූ බවත් ඔහුගේ දේහය මිස්ටාරා රෝහලෙන් හමුවූ බවත් ටිවිටර් වෙත ප‍්‍රකාශ කර තිබූ බවද එම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

කෙසේ නමුත් මීට පෙරදී ටිවිටර් හරහා ප‍්‍රකාශයට පත් කර තිබුනේ රජය මඟින් බානිවැලිඩිහීදී ඔහුව අත්අඩංගුවට ගෙන සිරභාරයේ රඳවා තබා ගත් බවයි.

නමුත් නේටෝ ගුවන් ප‍්‍රහාරයකින් 2011 අගෝස්තු මාසයේදී ගඩාෆිගේ බාල පුත් ඝාතනයට ලක් වූ බවට ලැබුනු වාර්තා පරස්පර විරෝධි බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය වසර පුරාවට විවිධ හමුදා කණ්ඩායමි විසින් ගඩාෆිගේ පුත් මරණයට පත් කිරිමට අවස්ථා කීපයක්ම උත්සහ දැරූ බවද ඔවුන් සඳහන් කර ඇත.

තවද ගඩාෆිගේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ ගඩාෆිගේ බාල පුතු රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගෙන එකල සිරභාරයේ රඳවා තබාගත් අතර පසුව මරණයට පත් කර ඇති බවයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...