14.3 C
London
Sunday, December 7, 2025
spot_img

ගඩාෆිගේ බාලම පුතු මරා දැමේ

ගඩාෆිගේ ලබාලතම පුතු වන කමිස් ගඩාෆි බානි වැලිඩි හීදී ඝාතනයට ලක් කර ඇති බවට ලිබියානු ජාතික කොංග‍්‍රස් පක්ෂය සනාථ කර ඇති බවට විදෙස් මාධ්‍ය ප‍්‍රකාශ කරයි.

28 හැවිරිදි ඔහු සටනේදී මරණයට පත්වූ බවත් ඔහුගේ දේහය මිස්ටාරා රෝහලෙන් හමුවූ බවත් ටිවිටර් වෙත ප‍්‍රකාශ කර තිබූ බවද එම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

කෙසේ නමුත් මීට පෙරදී ටිවිටර් හරහා ප‍්‍රකාශයට පත් කර තිබුනේ රජය මඟින් බානිවැලිඩිහීදී ඔහුව අත්අඩංගුවට ගෙන සිරභාරයේ රඳවා තබා ගත් බවයි.

නමුත් නේටෝ ගුවන් ප‍්‍රහාරයකින් 2011 අගෝස්තු මාසයේදී ගඩාෆිගේ බාල පුත් ඝාතනයට ලක් වූ බවට ලැබුනු වාර්තා පරස්පර විරෝධි බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය වසර පුරාවට විවිධ හමුදා කණ්ඩායමි විසින් ගඩාෆිගේ පුත් මරණයට පත් කිරිමට අවස්ථා කීපයක්ම උත්සහ දැරූ බවද ඔවුන් සඳහන් කර ඇත.

තවද ගඩාෆිගේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ ගඩාෆිගේ බාල පුතු රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගෙන එකල සිරභාරයේ රඳවා තබාගත් අතර පසුව මරණයට පත් කර ඇති බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles