සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඇමැති සම්බන්ධිකරණ ලේකම්වරයකු යැයි කියන අයෙකු විසින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් (21) සවස වැටලූ පානදුර,වලාන පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය , ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් පස් දෙනෙකු සමග එහි කළමනාකාරු අත්අඩංගුවට ගෙන ඇත. එක් කාන්තාවක් ගැබිනියක් බව පොලිසිය කියයි. ගාලු පාරට ආසන්න දෙමහල් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් තිබේ. එහි පහත මාලය කාය වර්ධන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති අතර ඉහළ මාලය ගණිකා නිවාසයට අයත්ය. මෙම ගණිකා නිවාසයට ඇතුළු වීමේ ගාස්තුව රුපියල් 1000කි. මෙම ලේකම්වරයා බොහෝ ආන්දෝලනාත්මක චරිතයක් බවට වර්තමානයේ පත් වී සිටින එක්තරා දේශපාලනඥයකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු යැයි පැවසේ.