මානසික පීඩනය සහ ආතතිය දුරු කැර ගැනීමට ඇති හොඳම පිළියම පොතක් කියවීම බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. සංගීතයට සවන් දීම, ඇවිදීම යන ක්‍රම දෙකට වඩා මිනිත්තු හයක කාලයක් පොතක් කියවීමෙන් ඉතා ඉක්මණින් මානසික පීඩනය දුරු කැර ගත හැකි බවත් මෙහිදී සොයා ගෙන ඇත.
සසෙක්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි; පොතක් කියවීමේදී යොදන මානසික අවධානය මඟින් මාංශපේශිවල ආතතිය හා හෘද ස්පන්ධනයේ වේගය අඩු වෙයි.
ඉතා ආශාවෙන් පොතක් කියවීමේ දී තනිකම හා මානසික ගැටලුවලින් මොහොතකට නිදහස්වීම සිදුවන අතර එය රූපවාහිනිය නැරඹීමටත් පරිගණක ක්‍රීඩා යෙදීමටත් වඩා ඉතා වැඩි වාර ගණනකින් මනසට සුවය ගෙන දෙන බව ද මේ සොයා ගැනීම්වල අඩංගු ය.