ගම්පහ තරුණයෙකුගෙන් පහසුවෙන් ඉඳිආප්ප සෑදීමට මැෂිමක්

0
136

පහසුවෙන් ඉඳිආප්ප සාදාගත හැකි මැෂිමක් නිර්මාණය කළ තරුණයෙක් පිළිබද පුවතක් ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 154 පේරගහලන්ද වත්ත දෙවලපොළ, ගණේමුල්ල ලිපිනයේ පදිංචි 27 හැවිරිදි තේනුවර ආචාරිගේ හේමන්ත නම් තරුණයා මෙම නව නිර්මාණයේ හිමිකරුය.

ඔහු විසින් නිර්මාණය කළ මෙම යන්ත්‍රය පසුගියදා ගම්පහ – යක්කල චන්ද්‍රජෝති නවෝද්‍යා පාසලේ ක්‍රීඩාංගණයේ පැවැත්වූ සමෘද්ධි උදාන 2012 ජාතික වෙළෙඳ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණි.