කුරුණෑගල ගලේ බණ්ඩාර දෙයියන්ගේ සොහොන කිසියම් පිරිසක් විසින් හාරා නිධන් සොයා ඇති බව කුරුණෑගල පොලිසිය වෙත වාර්ථා වී ඇත. කුරුණෑගල ඇත්කඳ විහාරයේ විහාරාධිකාරි මහසෙන්ගම පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ වෙත ලද තොරතුරක් අනුව උන්වහන්සේ කුරුණෑගල පොලිසිය දැනුවත් කර තිබේ. ඒ අනුව වයඹ දිසා පුරා විද්‍යා ආරක්ෂක ඒකකයේ සහ කුරුණෑගල අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත. ගලේබණ්ඩාර දෙවියන්ගේ සොහොන පිහිටා ඇතැයි විශ්වාසයේ පවතින ඇතාගල වන රක්ෂිතයේ පර්වතයක් ආසන්නයේ නිධන් හෑරීමක් සිදු වී ඇති බව මෙම පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
News- Lakbima-