ඊයේ රාත්‍රියේ ග‍්‍රෑන්ඞ් පාස් ස්වර්ණ ජයන්ති මාවතේ මෝලවත්ත මුස්ලිම් පල්ලියට කිසියම් කණ්ඩායමක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.
ස්වර්ණ චෛත්‍යය පාරේ එම මුස්ලිම් දේවස්ථානයේ දෛනික නැමැදුම් පැවැත්වෙමින් තිබෙන අතර වාරයේ ප්‍රහාරයක් එල්ලවූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එයින් පසු හටගත් උණුසුම්කාරී තත්වය රාත්‍රී කාලය දක්වාම පැතිර ගොස් තිබේ.
මීට මසකට කලින් රාවනා බලය සහ ප්‍රදේශවාසී බෞද්ධ හිමිනමක් ඇතුළු පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය පවත්වා ගෙන නොයන ලෙසට දන්වා තිබුනු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඉන් අනතුරුව එම පිරිසත් මුස්ලිම්වරුනුත් අතර ඇතිකරගත් එකඟත්වය මත මසක් ඇතුලත දී මුස්ලිම් දේවස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කර තිබූ නමුත් මීට දින කිහිපයකට පෙර ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මුස්ලිම් දේවස්ථානය පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.