ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 46 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය මේ මස 07 දින සිට 13 දින දක්වා දිවා රාත්‍රී පැවැත්වීමට භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ. සැප්තැම්බර් 07 වැනිදා සමුළුව මහා නාහිමිවරු ප්‍රධානත්වයෙන් දේවාල භූමියේ දී පැවැත්වේ. එදින රාත්‍රී සංඝරත්නය විසින් වාර්ෂික සිදු කරන සර්ව රාත්‍රික පිරිත් දේශනාව සිදුවේ.
හෙට (08) දිනයේ සිට ලබන 11 වන දින දක්වා රාත්‍රී කාලයේ දී ගාලු පාර භාවිතා කරන රියදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි. පෙරහැර ගමන්ගන්නා කාලය තුළ මාර්ගයේ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය සඳහන් කළේය.
හෙට සහ අනිද්දා දිනවල පස්වරු 01.00 සිට පෙරහැර අවසන් වනතුරු කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වන රථ වාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ අළුත්වල, ගෝනපීනුවල හරහා කුමාර කන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බව පොලිසිය පැවසීය.