ගාලු මුහුදේ පාවෙන අවි ගබඩාවක්!
September 26, 2012
8 Views
ගාලු වරාය ආශ්‍රිත ගාලු මුහුදේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික ආරක්ෂක සමාගමක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. Avern Guard Off shore Services (Pvt.) Ltd පෞද්ගලික ආරක්ෂක සමාගම මෙම පාවෙන අවි ගබඩාව ස්ථාපිත කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා ඇත.
දකුණු මුහුද ආසන්නයෙන් ගමන් කරන දෙස් විදෙස් නෞකාවලට ආරක්‍ෂාව සැපයීම සඳහා මෙම සමාගම කටයුතු කරන බව සඳහන්ය.
ගාලු වරාය ආශ්‍රිත මුහුදේ දිනකට නැව් විශාල ප‍්‍රමාණයක් ගමන් කරනු ලබති. දකුණු ආසියානු කළාපයේ සිට එසේ ගමන් කරන නැව් වලට පසුගිය කාලය පුරාම සෝමාලියාවේ නැව් මංකොල්ලකරුවන්ගෙන් තර්ජන එල්ල වී තිබිණ. එකී නැව් කොල්ලකරුවන්ගේ අභියෝගයට මුහුණ දීම සඳහා මෙම කළාපයෙන් ගමන් කරන නැව් වලට ආරක්ෂාව සැපයීමට ජාත්‍යන්තර පෞද්ගලික ආරක්ෂක සේවා ඉදිරිපත් වූ අතර ඔවුන් තම සේවා කටයුතු සඳහා ශ්‍රී ලංකාව යොදා ගනු ලැබීය.
ඒ අනුව නැව් වලට ආරක්ෂාව සැපයූ ජාත්‍යන්තර සමාගම් 35 ක් පමණ ගාල්ල වරාය ආශ්‍රිතව තම කාර්යාල ස්ථාපිත කරනු ලැබූ අතර ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ සැපයීම හා ගබඩා කිරීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙනි. ඒ වෙනුවෙන් පමණක් පසුගිය වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ආදායමක් ලබා ඇත.
featured Latest slider 2012-09-26