12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ගැලවීමේ කට්ටල හා අපායට චාරිකා: ලෝක විනාශ හිස්ටීරියාව රුසියාව වෙලා ගනී

ලෝක විනාශය පිලිබඳ මායා රෝගය රුසියාව හා එහි අසල් වැසියන් වෙලාගෙන ඇත. දිව්‍ය ලෝකයට සහ අපායට සංචාර සූදානම් කරන අතර මිනිසුන් කෑම හා ඉන්ධන රැස් කරති. නිලධාරීන් තත්වය සමනය කිරීමට ප‍්‍රසිද්ධියේ අනාවැකිය ප‍්‍රතික්ෂෙප කරයි.

2012 දෙසැම්බර් 21 සිදුවන මේ සඳහා ඇත්තේ සති 3ත් පමණක් නිසා මිනිසුන් භාණ්ඩ රැස් කිරීමට හා නගර හැරයාමට පටන් ගෙන ඇත. එක් ජනප‍්‍රිය මතවාදයක් අනුව දෙසැම්බර් 21 වනදා ක්ෂීර පථයේ මධ්‍යය සමඟ සූර්යයා එක එල්ලේ පිහිටන නිසා පෘථිවිය අඳුරු වී ස්වභාවික ව්‍යසනයන් රැසක් සිදු වන බව කියවෙයි.

ලෝක විනාශය පිලිබඳව වූ වෙලඳ ආයතන විවිධ ද්‍රව්‍ය ඇතුලත් ‘ගැලවීමේ කට්ටල’ විකිණීමට පටන් ගෙන ඇත. අපායට සහ දිව්‍ය ලෝකයට යන තහවුරු කරන ලද චාරිකා සංවිධානය වන අතර යුක්රේන ආයතනයක දිව්‍යලෝක චාරිකාවක් ඩොලර් 15 ක්ද අපායේ චාරිකාවක් ඩොලර් 18ක් ද වෙයි.

නෞකාවක යන ගැලවීමේ චාරිකාවක් සඳහා ආසනයක් සඳහා ගාස්තුව රූබල් 80000ත් 150000ත් අතර වන බව අන්තර්ජාල දැන්වීම් වල පලකර ඇත. බාර් සහ රාත‍්‍රී සමාජ ශාලා විවිධ තේමා යටතේ විනෝද උත්සව සංවිධානය කර ඇත. රුසියාවේ වේගයෙන් පැතිර යන ලෝක විනාශ ඏතිකාවට අධිකාරීන් විරුද්ධ ප‍්‍රතිචාර දක්වති.

මාධ්‍ය වලට මේ පිලිබඳව මත පලකිරීමෙන් වලකින ලෙස ඩූමා පාර්ලිමේන්තුව විසින් විවෘත ලිපියක් නිකුත් කර ඇත. විවිධ විද්‍යාඥයන් සහ මායා සංස්කෘති විශේෂඥයන් මායා කැලැන්ඩරයේ අවසානය ලෝක විනාශය නොවන බව දැක්වීමට උත්සාහ කලත් කටකතා ඊට වඩා වේගයෙන් පැතිරී යයි.

මින් පෙරද ලෝකයේ අවසානය පිලිබඳව අනාවැකි බොහොමයක් පලවු අතර ඒවා සත්‍ය වූයේද නැත. මේ මතය මෙතෙක් දුරට ජනප‍්‍රිය වූ හේතුව කිසිවෙක් තවම නොදනී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles