පාසල් බස් රථවල හා සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා තරුණියන්ගේ විවිධ ජායාරූප ගැනීමේ සංවිධානාත්මක කල්ලියක් ඇල්පිටියේ සැරිසරන බවක් වාර්තා වෙයි. පෞද්ගලික උපකාරක පංතිවලට ගොස් නිවස්වලට යන ඇතැම් තරුණ ගැහැණු දරුවන් මෙම අතවරයට ගොදුරුවන බවට ඔවුන් දෙමාපියන්ට දන්වා ඇතත් දෙමව්පියන්ට කිසිදු පියවරක් ගැනීමට හැකියාවක් නැති බව කියති. මේ පිළිබඳව බස් සේවක කණ්ඩායම්ද ඇතැම් අවස්ථාවල අසරණ වන බවද කියති. මෙම සිද්ධිය පිළිබඳව අදාළ වග කිවයුත්තන්ගේ අවධානය යොමු කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙති.
