13.1 C
London
Thursday, May 15, 2025
spot_img

ගැහැනුන් මතක මට මුහුණෙන් නොවේ ඇත්තට

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ එළවළු මිලදී ගනිමින් සිටියේ තම ආදරණීය භාර්යාවත් සමඟය.

එක්වරම ඔවුන් ඉදිරියට ආ සුන්දර කාන්තාවක් වෛද්‍යවරයා දෙස බලමින් “සර්ට මාව මතකද?” යනුවෙන් විමසුවාය. ‍ෙදාස්තර මහතාද තමන්ට එවන් මතකයක් නැති බැවින් “මට නම් නිච්චියක් නැහැ” යැයි පැවැසීය. “ඇයි සර්ගෙන් මම බේත් ගත්තේ. සර්ගෙන් බේත් ගත්තට පස්සේ තමයි මට ඒ අසනීපෙ සනීප වුණේ” සර්ට මාව මතක තියෙන්න ඕනෑ. අමතක වෙන්න බෑ කවදාවත්. කාන්තාවගෙන් ගැලවීමට බැරිම තැන කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයා කාන්තාව පිළිබඳව මතකයක් ඇති බව පෙන්වමින්, “ආ ඔව් මට මතකයි. මගෙන් බේත් ගත්තට පස්සෙනෙ සනීප වුණේ. ආයෙ අසනීප වුණොත් එන්න” යනුවෙන් පැවැසීය.

කාන්තාව ඉවත්ව ගිය පසු ‍ෙදාස්තර මහතාගේ බිරිය “ඇයි ඔයාට ඔච්චරම ඔය කාන්තාවගේ මුහුණ අමතක වුණාද. එකපාරටම මතකයි කියලා කිව්ව නම් කොච්චර වටිනවාද?” යනුවෙන් චෝදනා මුඛයෙන් පැවැසුවාය. ඔයා කිව්වට මට ඔය ගෑනුන්ගෙ මුහුණුවලින් මතක තියෙනවයැ මම බලන්නෙ මුහුණු නෙමෙයිනෙ. ඒ අයව මට මතක තියෙන්නෙ වෙන විදියකට. වෛද්‍යවරයාගේ ප්‍රකාශය අවබෝධ වූ බිරිය තරහෙන් පුපුරමින් පිටව ‘ඉක්මනට යමු’ කීවාය.

ප්‍රේමලාල් විජේසිංහ – මව්බිම​

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles