ගෑනුන් මරා කන්නෙක් නිව්යෝක් පොලිසියෙන් අල්ලයි

ගැහැණුන් පැහැරගෙන බලහත්කාරයෙන් කෙලසා මරා ඔවුන්ගේ මස් ආහාරයට ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියෙක් කොටුකර ගැනීමට ඇමරිකා එෆ්.බී.අයි. පොලිසියට හැකි වූ බව එහි සහකාර පොලිස් අධ්‍යක්‍ෂ මේරිගැලිගන් පවසයි. මෑන්හැටන් දිස්ති‍්‍රක්කයට අයත් 26 වැනි පොලිස් බල ප‍්‍රදේශයේ රාජකාරී කළ ගිල්බර්ටෝවැලේ (28) පසුපස වසර හයක් තිස්සේ නිව්යෝර්ක් නුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ලූහුබැදි බවත් ඔහුගේ ජංගම දුරකථනයට රහසේ සවන් දුන් පොලිස් කණ්ඩායමට වැදගත් කරුණු රැසක් අනාවරණය වීමෙන් පසු මෙසේ ඔහු අත්අඩංගුවට ගත් බවත් එෆ්.බී.අයි. පොලිසිය කියයි. මිනී මස් කෑමේ දැඩි ආශාවකින් පෙළුණු මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පරිගණකය පරීක්‍ෂා කළ එෆ්.බී. අයි. පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දුෂණය කොට පසුව මරා දමා ශරීර කොටස් කෑමට කැමැත්තෙන් සිටි බව කියන කාන්තාවන් සිය දෙනකුගේ ඡායාරූප හා ලිපින විස්තරයි.
මෙම පොලිස් නිලධාරියා මෑතක ඔහු වැනිම ආශාවන් ඇතැයි සැක කළ හැකි මිතුරකුට යැවූ කෙටි පණිවිඩයකින් ඔහුගේ ආශාවන් විස්තර කැර ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...