14.9 C
London
Friday, April 25, 2025
spot_img

ගිලින පෙත්තක් මගින් පාස් වර්ඩ් එක බඩට.

පාස් වර්ඩ් එහෙමත් නැත්නම් රහස් වචනය මේ වනවිට පරිගණකයට ඇතුළුවීම ඇතුළු තාක්ෂණික ක්‍රියා කාරකම් වලදී සුලභව භාවිතා කරනවා.

ගිලින පෙත්තක් මගින් මෙම රහස් වචනය ආමාශයට යවා ශරීරයෙන් පිටතට සංඥා එවීමේ ක්‍රමයක් පිළිබඳව මේ වනවිට සුප්‍රසිද්ධ මෝටරෝලා සමාගම පරීක්ෂණ කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

එනම්, බොහෝ දෙනෙකුට තමාට අත්‍යවශ්‍ය මෙම රහස් වචන අමතක වන නිසා මෙසේ ගිලින පෙත්තක් මගින් එම වචන ශරීරය තුළට යැවීමට අදහස් කර තිබෙන අතර මෙම පෙත්ත තුළ ඇති තාක්ෂණික පද්ධතිය ආමාශයේ අම්ල මගින් නිරන්තර සක්‍රීය තත්ත්වයේ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෝටරෝලා සමාගම පවසා තිබෙන්නේ ඉදිරියේදී එළිදකින මෙම තාක්ෂණය තවමත් වෙළඳ පොළට මුදාහැර නොමැති බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles