13.1 C
London
Thursday, May 15, 2025
spot_img

ගීතාත් සමග විරසක වූ ප‍්‍රබල දේශපාලකයෙක් අහසට වෙඩි තබයි

ගාල්ල ඇල්පිටිය කරන්දෙණිය ප‍්‍රදේශයේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් සිදු කළ උද්ඝෝෂණ ගීතා කුමාරසිංහ මහත්මියගේ මැදිහත් වීමෙන් අවසන් වී පැයකට පසුව පැමිණි ප‍්‍රබල දේශපාලනඥයකු පොලිසියට බැණ වැදී අහසට වෙඩි තබා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

පිටස්තර සංවිධායකයකු පැමිණ උද්ඝෝෂණය නැවැත්වීම හේතුවෙන් මෙම දේශපාලනඥයා දැඩි ලෙස කෝපාවිෂ්ට වී තිබේ. එයට හේතු වී ඇත්තේ එම දේශපානඥයා එම ස්ථානයට පැමිණ ගැටලූව විසඳන බවට ජනතාව ඉදිරියේදී පොරොන්දු වීමට තීරණය කර තිබීම නිසාය. එහෙත් ඔහු එන විටත් කිසිදු පුද්ගලයකු එම ස්ථානයේ නොසිටීම නිසා එම දේශපාලනඥයා දැඩි ලෙස කෝපාවිෂ්ට වී තිබේ.

කෙසේ වෙතත් ගීතා කුමාරසිංහ මහත්මියගේ මෙම මැදිහත්වීම නොවුණේ නම් කරන්දෙණිය ඇල්පිටිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වීමට ද තිබූ බව සඳහන් වේ.

වෙඩි තැබීමේ සිද්ධිය වන විට ජනතාව එහි රැඳී නොසිට ඇති අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සහ ප‍්‍රදේශවාසීන් කිහිප දෙනකු පමණක් සිට ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles