තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසර සිසුවෙකුට එම විදුහලේම ගුරුවරයෙකු අතින් පහරදීමෙන් එක් කනක් තුවාල වී ඇති අතර එම සිසුවා තඹුත්තේගම මූලික රෝහලේ වාට්ටු අංක 03 හි ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙම සිසුවාගේ පියා තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කොට ඇත. පහරදීම කළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය පරික්ෂණ පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයාට ද තුවාල වූ ළමයාගේ පියා වන පොලිස් නිලධාරියා පැමිණිලි කොට මෙම සිසුවා වැඩිදුර පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රොහළට යැවීමට කටයුතු යොදා ඇත.