13.5 C
London
Friday, April 25, 2025
spot_img

ගුරුවරියන්ට අලුත් නිල ඇදුමක් , නාභිය-පපුව-පිට පෙන්නන්න තහනම්

නිදහස් අධ්‍යාපනය ලංකාවේ පටන් ගත් දා පටන් මේ දක්වා සාරිය-ඔසරියෙන් සැරසී පාසල් ගිය ගුරුවරියන්ට සාරිය-ඔසරිය වෙනුවට වඩාත් ඔබින සංවර හා ප්‍රියමනාප නිල ඇඳුමක් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපනඥයන් යෝජනා කර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිසමේ ආරංචි මාර්ග පවසයි. දෙලක්ෂ තිස්දහසක් පමණ වන ගුරු සංචිතයෙන් දෙලක්ෂයක් පමණ පිරිස ගුරුවරියන් බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වත්මන් ක්‍රියාශීලී ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරන බවත් ඔවුන්ගේ අදහස වී යැයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

චීනය, ජපානය, උතුරු හා දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ දියුණු රටවල් සියල්ලම ගුරුවරියන්ට නිර්මාණය කර ඇති රාජකාරි ඇඳුම් ඔවුන්ට ක්‍රියාශීලී ඉගැන්වීමකට උදවු කරන බවද දැනට ශ්‍රී ලාංකික ගුරුවරියන්ට සාරි හැට්ට වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇති අතර ඇතැම් ගුරුවරියන් අනවශ්‍ය පරිදි විලාසිතානුකූලව සාරි හැට්ට ඇඳීමද පාසලට නොගැළපෙන බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඇතැම් ගුරුවරියන් සාරිය-ඔසරිය අදින්නේ නාභියත් කුසත් ඕනෑවටත් වඩා නිරාවරණය කරමින් බව මගතොටේදි හමුවෙන පාසල් යන ගුරුවරියන් දුටුවිට මැනවින් ඔප්පු වේ. පිට, පපුව වැඩියෙන් පෙන්වීමේ ආශාවට සාරි හැට්ටය නිර්මාණය කරගන්නා ඇතැම් ගුරුවරියන්ට තරුණ සිසුන් ඉදිරියේ නැමිමට අපහසු වන අවස්ථාවන් කොතෙකුත් අප දැක ඇත. එමෙන්ම ඒවා හොදටම ප්‍රදර්ශනය කරමින් ඕනෑවටත් වඩා නැමෙන ගුරුවරියන් ද අප දැක නැතුවා නොවේ. අත නැති සාරි හැට්ට විලාසිතාවත් ගුරුවරියන් අතර ජනප්‍රිය විලාසිතාවකි.

තම තරුණ ගුරුවරියන්ගේ මේ අගපසග දැකීමෙන් යෞවනත්වයේ දොරටුව ඉදිරියේ සිටින ඉහළ පංතිවල පාසල් සිසුන්ගේ හැගිම් ඇවිස්සීමට ඇති ඉඩකඩ බොහෝය. පෙනෙන දේවල් බැලීමට නිදහස ඇති බැවින් ඒ දෙස කට ඇරගෙන බලාගෙන සිටීමත් ඇතැම් සිසුන් ගුරුවරියන්ට නොහොබිනා විහළු කිරීමත් එවැන් දේ තුලින් තරුණ ගුරුවරියන් හා සිසුන් අතර අනියම් ඇසුරු ඇතිවන ආකාරයත් නොදන්නා අය නැත.

එබැවින් යෞවනත්වය ගැන මනාව තේරුම් ගෙන ඇති අධ්‍යාපනඥයන් ගෙනා යෝජනාව තුළ අර්ථයක් ඇති බව පැහැදිලි කරුණක් වූවත් මෙම යෝජනාව ප්‍රායෝගික වේද සාර්ථක වේද කියා දැනට කිව නොහැක.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles