මේ කියන්න යන තොරතුරු ඇමරිකන් හමුදාවට අයත් විශාලතම ගුවන්යානා ප්‍රවාහන නැව ගෙනයි..එනම් Nimitz නෞකාව ගෙනයි..
USS Nimitz යනු අමෙරිකානු නාවුක හමුදාවට අයත් විශාලතම ගුවන් යානා ගෙන යන නෞකාවලින් එකකි. මෙම නෞකාව නම් කොට ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී අමෙරිකානු පැසිෆික් නාවුක බලකායේ අණදෙන නිලදාරියෙන් සිහිවීම පිණිසය .
මෙම නෞකාවේ විශාලත්වය නිසාම එය වෙනම නෞකා ගණයක් ලෙස නම්කරන ලද අතර එම ගණය නිමිට්ස් නෞකා ගණය ලෙස හැඳින්වේ
නිමිට්ස් ගණයේ ගුවන්යානා ගෙනයන නෞකා 10ක් වේ
1. USS Nimitz (CVN-68)
2. USS Dwight D. Eisenhower (CVN-69)
3. USS Carl Vinson (CVN-70)
4. USS Theodore Roosevelt (CVN-71)
5. USS Abraham Lincoln (CVN-72)
6. USS George Washington (CVN-73)
7. USS John C. Stennis (CVN-74)
8. USS Harry S. Truman (CVN-75)
9. USS Ronald Reagan (CVN-76)
10. USS George H.W. Bush (CVN-77)
ටොන් 100,000ක් බරැති මෙම නෞකා , ගුවන්යානා 90ක් ගෙනයා හැකි දැවැන්ත පාවෙන ගුවන්හමුදා කඳවුරකි. මෙම නෞකා 10ය එක්ව ගත්කල විවිධ වර්ගයේ යුධ ගුවන් යානා 900ක් ලොව ඕනෑම පෙදෙසකට යැවීමේ හැකියාව අමෙරිකන් නාවුක හමුදාවට ලැබී ඇත.
මෙමගින් ඇමරිකාවේ ශක්තිය ලෝකයට පෙන්වීමට මෙමගින් උත්සහ කරයි.මෙම නෞව් ඉතා ගැබුරු සාගරවල ගමන් කරන අතර..සෑම රටක්ම ඔව්නට නිරීක්ෂණය කර හැකිවන සේ මේ නෞව් නවතාලීම හා ගමන් කිරීම සිදු කරයි.
යානා ගුවන්ගත කිරීම
ගුවන් යන ගුවන් ගත කිරීමට පෙර සියලු යන දැඩි පරික්සවකට ලක් කෙරේ ..
ගුවන්ගත කිරීමට මොහොතකට පෙර… යානයේ තටුව යට සිටිමින් හුමාල කැටපෝලය ක්‍රියාත්මක කිරීමට සඥා කරණ නැවියා shooter ලෙස හැඳින්වේ…
මේ මොහොතේදී ජෙට් යානාවේ එන්ජින්, ආර්ෆ්ටර් බර්නර් ආධාරයෙන් උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වෙයි. මීට අමරතව නෞකාවේ ඇති steam catapult නම් උපකරණයක් යානයේ ඉදිරිපස රෝදවලට අමුණා ඇති අතර මෙම උපකරණයෙන් ක්‍රියාකාරිත්වය වන්නේ හුමාල බලයෙන් ක්‍රියාත්මක වෙන අධිසම්පීඩිත පිස්ටනටකින් යානාව වේගයෙන් ධාවන පථය මතින් ඇදගෙන ගොස් ධාවන පථය කෙලවරදී නිදහස් කිරීමයි. කැටපෝලයකින් ගලක් විදින්නාක් මෙන් ගුවන් යානය ඉදිරියට වීසි කරන අයුරින් ක්‍රියාත්මක වන නිසා එම උපකරණය steam catapult ලෙස නම්කොට ඇත. මෙම උපකරණය නෞකාවේ තට්ටුවට යටින් සකසා ඇත. ජෙට් එන්ජින් උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වෙතත් අවි ආයුධ හා බෝම්බ සමග ටොන් 16ක් බර හෝර්නට් යානයක් ඉතා කෙටි ධාවන පථයෙන් සාර්ථකව ගුවන් ගතවීමට අවශ්‍ය වේගය ලබාදීමට එන්ජින් පීඩනය අසමත් නිසා අමතර වේගයක් ලබාදීමට හුමාල කැටපෝල උපක්‍රමය සකස්කොට ඇත.
ධාවන පථය අවසන්වන විටම යානය ඉහලට එසවෙමින් ඇත. මේ මොහොතේදී එහි වේගය මදක් හෝ අඩුනම්, එය මුහුදට කඩා වැටෙනු ඇත.
යානය ගොඩබැස්සවීම සඳහා රෝද පහත්කොට ඇති අතර, එහි arrester hook නම් ඇමිණුම් කොටසද පහත්වී ඇති අයුරු ඔබට පෙනේ.
ධාවන පථයේ තිරස් අතට එලා ඇති නම් වානේ කේබලය ඔබට දකින්නට හැකිය. යානයේ පිටුපස ඇති arrester hook ඇමිණුම් කොක්ක මෙම කේබලයේ ඇමිණීමෙන් යානයේ ධාවන පථය මත නවත්වා ගනු ලැබේ. මෙවනි arrester hooks 3 හෝ 4ක් ධාවන පථය මත ඇති අතර මේ සියලු කේබල් කොකුවට මගහැරුණහොත් යානය නැවතත් ගුවනට ගැනීම සඳහා එන්ජිම උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක කරවයි.
මෙම නැවක ආරක්ෂණ පද්දති ඉතා ප්‍රබල වන අතර ඕනෙම වර්ගයේ ප්‍රහාරයකට මෙම නාවුක සේමවිටම සුදානමින් සිටි..