14.9 C
London
Friday, April 25, 2025
spot_img

ගුවන් හමුදාපතිට දුරකථන ඇමතුම දි ඇත්තේ අම්පාර නගර සභාවේ සාමාජිකයෙක්

ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස ඉල්ලා ගුවන් හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදිමේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා අම්පාර නගර සභාවේ සාමාජිකයෙකු බව අනාවරණය වි තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි මේ බව අනාවරණය වි ඇතැයි සඳහන්ය.

ඒ අනුව අදාළ නගර සභා සාමාජිකයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස ඉල්ලා මීට මාස 8කට පෙර ගුවන් හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදි තිබේ.

ඒ අනුව එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට ගුවන් හමුදාපතිවරයා දැනුම් දී ඇත.

විමර්ශනයට අනුව අදාළ දුරකථන ඇමතුම ලබාදීමට ආධාර අනුබලදුන් බව කියන වව්නියාව ගුවන් හමුදා කඳවුරක සේවය කරන ගුවන් හමුදා වින්ග් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව ඔහු ලබාදුන් තොරතුරුවලට අනුව දුරකථන ඇමතුම ලබාදුන් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles