ගොලුබෙලි රූපලාවන්‍යය ජපානයෙන් ඇරඹේ

මුහුණේ රූපලාවන්‍යය වැඩි දියුණු කිරීමටත්, සමේ මියගිය සෛල ඉවත්කර එයට පැහැදිලි පෙනුමක් ලබාදීමටත්, සම සිනිඳු කිරීමටත් අවශ්‍ය ස්වභාවික රසායන රාශියක් ගොලුබෙල්ලන්ගෙන් ශ්‍රාවය වන සෙම වැනි ද්‍රාවණය තුළ තිබෙන බැවින් ‍ගොලුබෙල්ලන්ගේ ද්‍රාවණය කෙලින්ම ස්වභාවිකව ලබා දීමට ජපානයේ ටෝකියෝ නගරයේ ප්‍රධාන ගණයේ රූපලාවන්‍ය ආයතනයක් දැන් ඉදිරිපත් වී සිටී. ‘සෙල්බ් එස්කාගාව්’ යනුවෙන් හැඳින්වෙන මෙම රූපලාවන්‍ය ප්‍රතිකාර මාලාව අනුව කාන්තාවන්ගේ මුහුණ මත ගොලුබෙල්ලන් කිහිප දෙනෙකු තබා මුලු මුහුණ පුරාම උන්ට බඩගා යාමට සැලැස්වීමෙන් උන්ගෙන් වහනය වන ශ්‍රාවය මුහුණේ හොඳින් ආලේප විමට ඉඩ හරිනු ලැබේ. මෙම නවතම රූපලාවන්‍ය වැඩ සටහනේ ගාස්තුව පැයකට ඇමරිකානු ඩොලර් 240 කි. මෙය රුපියල් 25,000 කටත් වඩා අධික මුදලකි. රූපලාවන්‍ය වැඩ සටහනට සහභාගි වූ එක් කාන්තාවක් පවසා ඇත්තේ එය මදක් ඇලෙන සුළු කිති කැවෙන අත්දැකීමක් වූ බවයි.
මෙම රූපලාවණය සේවාව ඉටු කරන ලබන්නේ ජපානයේ ටෝකියේ නුවර Ciz Medical Group (Ciz) වෛද්‍ය සමූහ ආයතනය මගිනි. ගොලුබෙලි ප්‍රතිකාරය කොතරම් ජනප්‍රිය වී ඇද්ද යත් Ciz ආයතනයෙන් මෙම ප්‍රතිකාරය සඳහා කාල වේලා නියම කර ගැනීමට මාස ගණන් බලා සිටීමට ජපන් ළඳුන්ට සිදුවේ.
ඔබත් වත්තේ සිට අසුලා ගනු ලබන ගොලුබෙල්ලකු අල්ලපු වත්තට උඩින් විසිකර දැමීමට පෙර කල්පනා කර බැලිය යුතු කරුණු රාශියක් දැන් එළඹ තිබේ.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...