19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ගොළු හදවතේ සුගත්ගේ හදවත ගොළු වෙයි

“ගොළු හදවත” මෙරට තරුණ මහළු සැවොම ඉතාමත් ආදරයෙන් කියවූ නවකතාවක් සේම ආදරයෙන්, ආශාවෙන් නැරඹූ සිනමා පටයක් ද වේ. ගොළු හදවතෙහි සුගත් ගේ චරිතයත්, දම්මිගේ චරිතයත් පෙර පරම්පරාවටත් “ගොළු හදවත” මෑතක නැරඹූ සැමටත් අමතක නොවනම චරිත දෙක ය. දම්මි ගේ චරිතයට පන පෙවූයේ “අනුලා කරුණාතිලක” වන අතර සුගත්ගේ චරිතයට පන පෙව්වේ “වික‍්‍රම බෝගොඩ”ය. වික‍්‍රම බෝගෝඩගේ අහිංසක පෙණුම තුළින් ඔහු සුගත්ව ජීවමාන කළේය. එහෙත් වික‍්‍රම බෝගොඩ පසුගිය මාස කිහිපයක් අසනීපෙන් සිටියේය.

“ගොළු හදවත” චිත්‍රපටයේ සුගත්ගේ චරිතයට පණ දුන් ඔහුගේ හදවත ඊයේ ගොළු විය. හදවත ගොළුවන විට බෝගොඩ මහතා 72 වැනි වියේ පසුවිය.

1940 ජුනි 18 මහනුවර උපත ලද ඒ මහතා මහනුවර ධර්මරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ, පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හා කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “ගම්පෙරැළිය” විත්‍රපටයේ “තිස්ස”ගේ චරිතයට පණ පොවමින් සිනමා ක්‍ෂේත්‍රයට පිවිසි ඒ මහතා “ගොළු හදවත” චිත්‍රපටයේ “සුගත්ගේ” චරිතයෙන් අතිශය ජනප්‍රිය විය. කලියුගය, යුගාන්තය, කළණ මිතුරෝ, දෙලොවක් අතර, අහස් ගව්ව යන චිත්‍රපටවල රඟපෑ ඒ මහතා ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන්ගේ “කැලණි පාලම” නාට්‍යයේදී කළ රංගනය අති සුවිශේෂිතය. වික්‍රම බෝගොඩ මහතාගේ දේහය අංක 49, “සිරි මැඳුර”, පරණ පාර, පන්පිටියේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ මේ වන විට තැන්පත් කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles