22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

චන්ද්‍රිකාව දින 5ක් පමාවේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම කල් යයි. දින කිහිපයකින් එය කල්දමා ඇතැයි, සුප‍්‍රීම් සැට් පෞද්ගලික සමාගම සඳහන් කරයි. තාක්ෂණික සහ කාලගුණික හේතු මෙම තීරණය ගත් බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටී.ආර්.විජිත් පීරිස් මහතා කියයි. චන්ද්‍රිකාව  ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද (22) පස්වරුවේ අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබිණ. එහි වියදම ඇමෙරිකානු ඩොලර් කෝටි 36 (රුපියල් කෝටි 4752) කි.

මහනුවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමද මේ වැඩපිළිවෙලට අයත් වේ. 2015 දෙසැම්බරයේදී ශ්‍රීලංකාව තමන්ගේම චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමටත්, අජටාකාෂගාමීන් පුහුණු කිරීමටත් බලාපොරොත්තු වේ. චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන ලොව 27 වැනි පෞද්ගලික සමාගම සප්‍රිම් සැට් සමාගමයි. මාලදිවයිනට හා ඇෆ්ගනිස්ථානයට ද චන්ද්‍රිකා හිමි කර දීමට මෙම සමාගම දැනටම සාකච්ඡා අරඹා ඇත.

  

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles