Home News චීන්නු ජපාන නිෂ්පාදන අතහරී හොන්ඩා. නිසාන්, ටොයෝටා වැටේ
චීනය හා ජපානය අතර දේශසීමා ගැටළුව නිසා ජපානයේ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හොන්ඩා සමාගමේ විකුණුම් පහත වැටීමෙන් පසු සිය ලාභ අපේක්ෂාවෙන් 20% ක් කපා දමා ඇත.
2013 මාර්තුවෙන් අවසන් වන මූල්‍ය වසර සඳහා සමාගම මුලින් අපේක්ෂා කල යෙන් බිලියන 470 ක ලාභය දැන් යෙන් බිලියන 375 ක් (ඩොලර් බිලියන 4.7 ක්) දක්වා අඩු කර ඇත.
චීන ජාතිකයන් ජපන් නිෂ්පාදන ප‍්‍රතික්ෂේප කිරීමත් සමඟ එහි හොන්ඩා අලෙවිය 40% කින් පහත වැටුනි. නමුත් සමාගම ඇමරිකාවෙන් පසු තම ලොකුම ගැණුම්කරුවා වූ චීනයේ අලෙවිය පහත වැටෙතැයි අපේක්ෂා කලේ 17% කින් හෙවත් ඒකක 130000 කිනි.
යුරෝපා කලාපයේ ණය අර්බුදය නිසා එහි අලෙවි අපේක්ෂාවද ඒකක 25000 කින් අඩු කර ඇත. මේ ආරංචියත් සමඟ සමාගමේ කොටස් වටිනාකම 4.6% කින් අඩු විය.
නැගෙනහිර චීන මුහුදේ දුපත් ගැන ඇතිවූ මතභේද නිසා චීනය අනෙක් ජපන් නිෂ්පාදනද ප‍්‍රතික්ෂේප කර ඇත. චීනය තුල ටොයෝටා අලෙවිය 49% කින් ද නිසාන් අලෙවිය 35% කින් ද බැස ඇති අතර හයිහුන්ඩායි සහ වොක්ස් වැගන් වෙළඳ නාම වැඩිපුර අලෙවි වන බව පෙනෙන්නට තිබේ.