11.3 C
London
Friday, May 16, 2025
spot_img

චෙන්නායි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පහර දෙයි, 900ක් අත්අඩංගුවේ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහකාගේ ඉන්දීය සංචාරයට විරෝධය පා ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පහර දුන් ඉන්දීය විඩුතලෙයි සිරුතයිගල් පක්‍ෂ නායක තිරුමාලවලන් ඇතුළු 200ක පමණ පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සාන්චි නුවරට ආසන්න ප්‍රදේශයේදී තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයි. ගෝපාලසාමි ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් 700ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍ය ප්‍රදේශයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කරමින් සාන්චි නුවරට ඇතුළු වීමට තැත්කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර සාංචි බෞද්ධ සහ භාරත අධ්‍යයන විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීමේ මහෝත්සවයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී විය.

එහිදී උත්සවය අමතමින් රාජපක්‍ෂ මහතා පැවසුවේ ගෞතම බුදුන්ගේ ධර්මයෙහි ගැබ් වු ඉවසීම හා අවබෝධය අනුගමනය කරමින් අශෝක අධිරාජයා තම අධිරාජ්‍යයේ සෙසු සියලූ ආගම්වලට ගෞරව සහ ආධාර කළ බවත් කෙනෙකු තම ආගමට ගරු කළ යුතු අතර අන් ආගම් හෙලා නොදැකිය යුතු බව සහ අන්නයන්ගේ විශ්වාසයන්ට ගරු කළ යුතු බව එදා පැවසූ බවයි. ජන සමාජයට සුවිශාල හානි සිදු කරමින් වෙනත් ආගම්වලට එරෙහිව ප‍්‍රචණ්ඩ හා විනාශකාරී කි‍්‍රයාවල ඛේදජනක ප‍්‍රතිඵල හමුවේ මෙම ඉවසීමේ සහ යථා අවබෝධයේ පණිවුඩය වර්තමානයට අතිශයින්ම අදාල බවද ඔහු පැවසීය.

ශී‍්‍ර ලංකාවේ අපි ඉන්දියාව සහ එහි ජනතාව මිතුරන් ලෙස සැමදාම සැලකු බව මෙහි දී සිහිපත් කළ ජනාධිපතිතුමා අතීතයේදී මෙන්ම අදත් අප රටේ ජනතාව විසින් ඉන්දියාව හදුන්වනු ලබන්නේ දඹදිව සහ ජම්බුද්වීපය වශයෙන් බවත් අප රටේ බෞද්ධයන් තවමත් දඹදිව වන්දනාවේ යන බවත් ඉන්දියාව මිත‍්‍රත්වයෙන් සහ ඓතිහාසික බැදීම්වලින් පිරි එකම රටක් ලෙස අප තුළ ඇති දෘෂ්ටිය සංධීය රාජ්‍යයක් තුළ පවතින ප‍්‍රාන්ත ආණ්ඩු නිසා වෙනස් වී නැති බවත් අවධාරණය කළේය.

අපගේ සම්ප‍්‍රදායික අධ්‍යාපනය පැරණි ඉන්දීය සහ භාරතීය සාම්ප‍්‍රදායයට බෙහෙවින් ම ණයගැති බව ද සඳහන් කළ ජනාධිපතිතුමා සමස්ත ඉන්දියාව ම මිත‍්‍රත්වයෙන් වැළඳ ගැනීම අප දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කෙරෙන අඛණ්ඩ කි‍්‍රයාමාර්ගයක් ලෙස මා හදුන්වා දෙනු ලැබීය.

සාංචි බෞද්ධ සහ භාරතීය අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සාර්ථකත්වය වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව ඇපකැප වන බවට ජනාධිපතිතුමා විශ්වාසය ද මෙහිදී පළ කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles