9.7 C
London
Sunday, December 7, 2025
spot_img

ජනපතිගේ ඉල්ලීමෙන් මුන්නේස්වරම් කෝවිලේ බිලි පූජාව නවතියි

ලබන පළමුවෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ සත්ව බිලි පූජාව ජනපතිගේ ඉල්ලීම මත අත්හිටවූ බව මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජකවරයා පවසයි. සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කරන කාලය තුළ සත්ව බිලි පූජාව නවත්වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබීම හේතුවෙන් මේ වසරේ පමණක් පූජාව අත්හිටුවන බව කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පූජකවරයා පවසයි. හලාවත මුන්නේෂ්වරම් කෝවිලේදී ලබන මස 01 වැනිදා සිදුකිරීමට නියමිත සත්ත්ව බිලි පුජාව නතර කරන ලෙස ඉල්ලා ආගමික හා සත්ත්ව සංවිධාන 17ක් ඉකුත් 28 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබූ අතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද එම බිලි පූජාව නවත්වන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles