14.8 C
London
Friday, May 23, 2025
spot_img

ජනපති එස්.බීගෙන් කඩිනම් වාර්තාවක් ඉල්ලයි

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට අදාළව Z-score ගණනය කිරීම් ක්‍රියාවට නැංවීම පිළිබඳ හැකි ඉක්මනින් තමාට වාර්තාවක් සපයන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට නියෝග කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

2011 අ.පො.ස(උ/පෙ)විභාග ප්‍රතිඵල නිකුත්වීමත් සමග එකී විභාගයට පැරණි නිර්දේශයෙන් හා නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට Z-score ලකුණු ලබාදීමේදී පොදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම හේතුවෙන් සිසුන්ට අසාධාරණයක් සිදුවන බවට චෝදනා එල්ලවිය.

ලංකා ගුරු සංගමය හා සිසුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව Z-score ලකුණු ප්‍රදානය අහෝසි කොට පැරණි නිර්දේශයෙන් හා නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට වෙන වෙනම Z-score ලකුණු ගණනය කොට ප්‍රකාශයට පත්කරන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලදී.

ඒ අනුව මේවන විට යළි Z-score ලකුණු ගණනය කිරීම්වල ප්‍රතිඵල නිකුත් කර ඇතත් එයින් අර්බුදය විසඳී ඇති බවක් නොපෙනෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles