11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25
ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති විද්වත් හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ යුද සමයේදී එල්ල වූ තර්ජන හේතුවෙන් එවැනි බංකරයක අවශ්‍යතාව දැනී තිබුණු බවත්, ඒ අනුව එය ඉදි කළ බවත්ය.
“මෙතෙන්ට අහසින් ඇවිත් ප්ලේන්වලින් ගැහුවා කියලා අද තරුණයන්ට අමතක වෙලා. කොළඹට ගැහුවා. කොටින්ට ප්ලේන් තියෙනවා, නැව් තියෙනවා කිව්වාම අපි ඒකට සූදානම් වුණා* යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles