ජස්ටින් බිබර් යනු මෑත කාලයේ බොහෝදෙනාගේ නින්දා හා ප්‍රශංසා වලට නිතරම අසුවන ගායකයෙකි.හොලිවුඩය පුරා ඔහූ පිලිබඳව නිරතුරු සෙවිල්ලෙන් සිටින්නේ ඒ නිසාය.. මෑතකදී නිරතුරු පෙම්වතියන් වෙනස් කරනා ජස්ටින් බිබර්ගේ නවතම පෙම්වතිය වනුයේ ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවක් වන ජෝර්ඩන් ඔසූනා ය.
නමුත් ඇය කලින් විවාහ වී සිටි බව ඇය ලෝකයෙන් සඟවා සිටීමට උත්සාහ කලද ඇයගේ නැඳම්මා වන කිම් ප්‍රසිද්ධියේ පවසා සිටින්නේ ජෝර්ඩන් ඔසූනා තම පුතා සමඟ කලින් විවාහ වී සිටි බවත් එම විවාහය අව්‍රුදු දෙකක පමන කාලයක් පැවතුන බවත් ය.
නමුත් ජෝර්ඩන් ඔසූනා ද මෙය ඇත්තක් බව පිලිගන්නා අතර ඇය පවසන්නේ ඔවුන් දෙදෙනා ඉතා කුඩා කල නොතේරුම් කමට මෙලෙස විවාහ උවත් තමා දැන් දික්කසාදයට සූදානම් බවයි.
කෙසේ වෙතත් ජස්ටින් බිබර් මේ සම්ඹන්ඳව දැනට මාද්‍යට කිසිත් පවසා නැත.