ජස්ටින් බිබර් යනු හොලිවුඩයේ සිටින දඩබ්බරම තරුනයෙකි.තවමත් 19 වැනි වියේ පසුවන මෙම යෞවනයාගේ ක්‍රියාකලාපය වැඩිහිටි සැමදෙනාගේම දෝෂ දර්ශනයට නිතැතින්ම ලක්වේ.විටෙක මාධ්‍යවේදීන් හා ගුටිබැට හුවමාරු කරගන්නා ජස්ටින් බිබර් තවත් විටක සංදර්ශන සංවිධායකයන් හා විරසක වේ.මෙම ක්‍රියාකලාපය නිසා ජස්ටින් බිබර් ගේ ගීත පමනක් නොව ඔහුවද නිතරම මාධ්‍යවලින් දක්මනට ලැබේ.
ඔහුගේ නවතම දඩබ්බර ක්‍රියාව වාර්ථා වන්නේ නිව්යෝක් හි ඇති ආපනශාලාවකදීය.
තමන් ගේ යහලුවන් සමඟ දහවල් අහාරය ගනිමින් සිටි බිබර් එහි සිටි සේවකයෙකු හා උරණවී එම සේවකයා පොලොව පිසදමමින් සිටි මොප් බකට්ටුවට මුත්‍රා කර තිබේ.මේ සමඟම එහි බිත්තියේ එල්ලාතිබූ එරට සිටි ජනාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන් හට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.
තමා කල ක්‍රියාව ගැන පසුව බිබර් පසුතැවී බිල් ක්ලින්ටන් අමතා ඔහුගෙන් සමාව ඉල්ලා තිබේ.පසුව බිල් ක්ලින්ටන් කියා තිබුනේ තමන් ගේ කල්ක්‍රියාව ගැන මීට වඩා සැලකිලිනමත් වන ලෙස යි.
ජස්ටින් බිබර් තමන් ගේ ට්විටර් පිටුවෙහිද මෙසේ බිල් ක්ලින්ටන් වෙනුවෙන් සටහනක් තබා ඇත.
“@billclinton thanks for taking the time to talk Mr President. Your words meant alot. #greatguy.”