12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ජාත්‍යන්තර පාසල් සිසුන් තිදෙනාගෙන් සිසුවියට අතවර

යතුරු පැදියක නැගී විත් බේරුවල නගරයේ ගමන් කරමින් සිටි උසස් පෙළ සිසුවියකගේ පපු ප්‍රදේශය මිරිකා පලා ගිය බව කියන පාසැල් සිසුන් තිදෙනෙකු මෙම මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් ජී. නාමල් පෙරේරා මහතා නියම කළේය.ගැහැණු දරුවන්ගේ දිනය වු (11) මොවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කළුතර නගරයේ පාසලක සිසුවියක් වූ ඇය පාසල ඇරී නිවස බලා යමින් සිටිය දී මෙම අතරවරයට ගොදුරු වී ඇති අතර, සැකකාර සිසුන් ගමන් ගත් යතුරු පැදියේ අංකය පොලිසියට ලබා දීමෙන් පසුව පරික්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් (11) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියද පැමිණිලිකාර ශිෂ්‍යාව අධිකරණයට පැමිණ නොසිටි හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. සැකකරුවන් කළුතර ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුන් බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි රවි‍ රොද්‍රිගු, අනුලා ජයලත්, සරත් කරවිට යන නීතිඥ මහත්ම මහත්මීන් අධිකරණයට කියා සිටිමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සි‍ටියේය. එහෙත් මහේස්ත්‍රාත්වරයා සිසුන් තිදෙනා බන්ධනාගාරගත කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles