ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්ති කෙටුම්පතක්
ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්ති කෙටුම්පත මේවන විට සකස් කරමින් පවතින බවත් එය ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා පවසයි.
(02) කොළඹදී ආරම්භ වූ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ විදුලි සංදේශ නියාමකයන් පිළිබඳ ගෝලීය සමුළුව අතර තුර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලලිත් වීරතුංග මහතා මෙම කෙටුම්පත පිළිබඳ කරුණු පැහැදිලි කළේය.
ඔහු කියා සිටියේ කොළඹ ඇතුළු නාගරික ජනතාවට පමණක් නොව රටේ සියලු ප්‍රදේශයන්හි ජනතාව අධිවේගී අන්තර්ජාල සේවා සැපයීමේ අරමුණින් මෙම කෙටුම්පත සකස් කර ඇති බවයි.
එය සැකසීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල විද්වතුන්, විශ්වවිද්‍යාල සිසුන් යොදා ගනිමින් තොරතුරු රැස් කර ඇත. එසේම එය ජාතික ප්‍රතිපත්තියන් වන්නේ මහජන අදහස් ලබා ගැනීමෙන් බව සඳහන් කළ වීරතුංග මහතා ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමට ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසීය.
ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්වන බවද හෙතෙම කියා සිටියේය.
- Advertisement -