ජාන සම්පත් විකිණීම සඳහා අනපනත් ලෑස්තියි…
October 20, 2012
74 Views
ශාඛයකට හෝ සත්වයෙකුට කිසියම් ලක්‍ෂණයක් ලැබෙන්නේ ජානයක් හෝ ජාන කිහිපයක් මගීනි. ජාන සම්පත් යනු රටක ඇති වටිනාම සම්පතකි. ශ‍්‍රී ලංකාව මෙම ජාන සම්පතින් බෙහෙවින් පොහොසත්ය. කලක් අප‍්‍රිකාවේ මැඩගස්කරයටත්, ඉන්දියාවටත්, මලේසියාවටත් යාව පිහිටීම නිසා කලාප තුනක ජාන සම්පත් මේ රටේ එක්වීමෙන් වසර දසසහස් ගණනක් හුදකලාව දුපතක් ලෙස පිහිටීමෙන් ලෝකයේ ඉහලම ජාන සම්පත් (ඇතැම් විට එය ලෝකයේ අංක එකේ විය හැක) ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුනාගෙන ඇත.
අවාසනාවකට මෙන් විවිධ පුද්ගලයන් හා ආයතන හරහා මෙම වටිනා ජාන සම්පත විදේශීකයන් අතට වරින් වර පත් කරණ ලද අතර මෙවැනි අප වැනි රට වලින් ලබාගත් ජාන සම්පත් වල නිල අයිතිය ලබාගැනීමට ශාඛ ජාන සම්පත් පිළබඳ අන්තර්ජාතික ගිවිසුමද, එම ජානවලින් නිපදවූ නිෂ්පාදන වල බුද්ධිමය දේපල අයිතිය ලබාගැනීමට TRIPS ගිවිසුමද බටහිර චීනය හා ඉන්දියාව වැනි බලවත් රටවල් මගින් පසුකලක බලාත්මක කරන ලදී.
මෙම ගිවිසුමේ තවදුරටත් බාලාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාව වැනි රටවල් හට විවිධ කොන්දේසි හා උපක‍්‍රම හරහා එම ගිවිසුම් වල පාර්ශවකරුවන් වීමටත් එම ගිවිසුම් වල වගන්ති රටතුල භාවිත වන නීති පද්ධතියට ඇතිලත් කිරීමටත් බල කොට ඇත. තනි රටක් ලෙස එවැනි බලපෑම් යටතේ, අප වැනි රටවලට ස්වාධීනව කටයුතු කිරීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව අල්පය.
එසේම අන්තර්ජාතික ගිවිසුම් හා ආශ‍්‍රිතව පවතින සම්මන්ත‍්‍රණ, සාකච්ඡ හා එකඟතාවයන් වලට සහභාගීවන රාජ්‍ය නිලධාරීන් ශිෂ්‍යත්ව ලබාදීම් වැනි විවිධ මානසික උපක‍්‍රම හරහා බටහිර අවශ්‍යතා වලට නැඹුරු කිරීම, විවිධ ගිවිසුම් රටවල් තුල ක‍්‍රියාත්මක කිරීම පහසුකිරීමටත්, එමගීන් රාජ්‍ය පාලකයන් හට එම ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීමටත් පහසු වී ඇත.
බොහෝ අන්තර්ජාතික ගිවිසුම්වල ඇති සදාචාර සම්පන්න නොවන ස්වාභාවය නිසා ඇතිවන අවහිරතා මගහරවා ගැනීම පිණිස එම ගිවිසුම් රටතුල ක‍්‍රියාත්මක වන්නේ පියවර ගණනාවකිනි. උදාහරන ලෙස ශ‍්‍රී ලංකාවේ ජාන සම්පත්, බටහිරට (ඉන්දියාව ඇතුළුව) නතුකර ගැනීම සඳහා පනත් කෙටුම්පත් දෙකක් යෝජනා කොට ඇත. එනම් බීජ (සංශෝධිත) නව පනතත්, ශාඛ ප‍්‍රභේද ආරක්‍ෂක පනත්ය.
බරපතලම කරුණ වන්නේ මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේදී, ඒවායේ ඇති ධනාත්මක ලක්‍ෂණ (හොඳ කරුණු) ඉස්මතු කරලමින් හො නැති ධනාත්මක ලක්ෂණයන් පෙන්වා දෙමින් පනතේ මූලික අරමුණ ප‍්‍රකාශ කිරීමය.
මේ සඳහා වර්තමානයේ, බටහිර ජාතීන් මෙවැනි පනත් කෙටුම්පත් පිලියෙල කිරීමේදී සමාජ විද්‍යාඥයින්ගේ සහය මෙන්ම අතීත අත්දැකීම්ද උපයෝගී කරගනියි. මෙම සමාජ විද්‍යා මෙහෙයුම කෙතරම් ප‍්‍රභලද යන්න තේරුම්ගත හැත්කේ 2003 වසරේ මුල් බීජ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී වේ. එහිදී වාමාංශික මතධාරීන් පවා පනතට පක්ෂවූ අතර 2004 වසරේ එම මතාවාදීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධව භාරව ක‍්‍රියාකලද පනතේ කිසිදු වගන්තියක් වෙනස් නොකරණ ලද අතර, අමාත්‍යවරයා විසින් රෙගුලාසියක් නොපනවන ලදී.
මෙය බලාත්මක කිරීමට ඉන්පසු පසුගිය වසර කිහිපය තුල කටයුතු කල අතර, විසිතුරු පැල තවාන්, කෘෂි බෝග තවාන්, වැනි කුඩා ප‍්‍රමාණයේ ව්‍යාපාර විශාල ගණනාවක් එම බලාත්මක කිරීම් තුලින් වසා දැමීමට හේතු විය. මෙය සිදුකරනුයේ විශාල පරිමාන වෙළඳ ව්‍යාපාරිකයන්ගේ බලපෑම මත කෘෂිකර්ම නිලධාරින් විසින් විවිධ කොන්දේසි බලපත‍්‍ර ආදිය ව්‍යවසායකයන් හට නිර්දේශ කිරීමයි. මෙම නිර්දේශ වල පාරද්‍රෘශ්‍යභාවය නොමැති අතර සත්‍ය ලෙසම කිසිදු වටිනාකමක්ද නොමැත. එසේම බොහෝවිට එම නිර්දේශ ප‍්‍රායෝගිකව සුළු හා මධ්‍යම මට්ටමේ ආයතන වලට ක‍්‍රියාත්මක කිරීමද කල නොහැක.
මෙවැනි කොන්දේසි හා බලපෑම් මගින් තරඟකාරී කුඩා හා මධ්‍යම පරිමාන කර්මාන්ත ජීවන මාර්ග, විශාල ආයතනවලට වාසිදායක ලෙස ඉවත්කිරීම හා ඒවායෙන් වෙළඳ එකාධිකාරිත්වයක් ඇතිකිරීම ක්‍මඑ ්බා එයරද්එ නම් සංකල්පය වේ. මෙය ලෝකයේ විරැකියාව ඉහල දැමීමටත් වෙළඳ ඒකාධීකාරීත්වයන් ඇති වීමටත් හේතුවී ඇත.
මේ කරුණු නිසා බටහිර ජාතීන් විසින් පිළියෙල කරන ලද හා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් විසින් රටට ගැලපෙන අයුරින් එම පිළියෙල කිරීම් නැවත සකස් කරන ලද යෝජිත පනත් කෙටුම් දෙක එනම් ශාඛ ප‍්‍රභේද ආරක්‍ෂණ පනතත්, නව සංශෝධිත බීජ පනතත් ඉතා සූක්ෂමව විශ්ලේශණය කලයුතුවේ. මෙහිදී ප‍්‍රධාන වනුයේ ශාඛ ප‍්‍රභේද ආරක්ෂන පනතයි. එය වගන්ති 46 කින් යුත් පනත් කෙටුම්පතකි. මෙම පනතේ ප‍්‍රායෝගික කාර්යභාරය සිදුරනුයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසිනි. ඒ අනුව පනත ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලයලත් නිලධාරින් නම් කිරීම, නව ශාඛ ප‍්‍රභේද පිළිබඳ රේජිස්ටරය පවත්වාගෙනයාම හා එහි අධීක්ෂණ කටයුතු, නව ප‍්‍රභේදයක් ලෙස නිර්දේශ කිරීම සඳහා විවිධ පර්යේෂණ ආයතන හා පුද්ගලයින් වෙත යොමු කිරීම, ශාඛ මාදිලිවල ලියාපදිංචි අයිතිකරුවන්ගේ ප‍්‍රචාරණ ද්‍රව්‍ය කැඳවීම, කිසියම් පර්යේෂණ වාර්තාවක් පදනම් කොට නව ශාඛ ප‍්‍රභේදයක අයිතිය තහනම් කිරීම, ප‍්‍රමුඛත්වය සලකා බැලීම යනාදී බලතල ඔහු සතුය.
මෙයට අමතරව බුද්ධිමය දේපල පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සාම්ප‍්‍රදායික (නඩු පැවරීම) වැනි කටයුතු සඳහා සහ වෙනත් එවැනිම පරිපාලන කටයුතු සඳහා බලතල හිමිවී ඇත. අමාත්‍යවරයා හට ඇත්තේ ඉතා සීමිත බලතල ගණනාවක් පමණි. එය රෙගුලාසි සෑදීමට පමණක් සීමාකොට ඇත.
ශාඛ විශේෂයක් තුල අඩංගු ප‍්‍රභේද පිළිබඳ රෙගුලාසි, වර්තමානයේ පවතින ශාඛ මාදිලි හා පාරම්පරික ශාඛ සම්බන්ධ රෙගුලාසි, කිසියම් ශාඛ විශේෂයක් සම්බන්ධ ගොවීන් හට ප‍්‍රචාරක ද්‍රව්‍ය ලපබාගැනීම අස්වැන්න ලබාගැනීම යනාදී රෙගුලාසි පැනවිය හැක.
අමාත්‍යාංශය ලේකම්වරයා හට කිසියම් ආපදාවකදී කමිටුවක් නිර්දේශ කිරීමේ බලතල ලැබී ඇත. අතීත අත්දැකීම් අනුව කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයකට දායකවන විවිධ අනපනත්වල රෙගුලාසි සෑදීමක් පිළිබඳ අත්දැකීම් නොමැත. ශාඛ නිරෝධායන පනතේ පවා රෙගුලාසි ලෙස භාවිත කරන්නේ පැරණි ශාඛ නිරොධායන පනතේ වූ 1981 ප‍්‍රකාශයට පත්කරන ලද රෙගුලාසිවේ. මේ අනුව සත්‍ය ලෙසම මුළු පනතේම කාර්යභාරය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හට පැවරී ඇත.
මෙම පනත විසින් අනාවරනය කරනු ලබන පරාසය සැලකූ කල එය කෘෂි බෝග, කෘෂිවෙළඳ බෝග (තේ රබර් වැනි) සුළු අපනයන බෝග, මෙන්ම උද්‍යාන පැලෑටි දක්වාම විහිදී ඇත. එය තේරුම් ගත හැක්කේ නව ශාඛ ප‍්‍රභේද ලියාපදිංචි කිරීමේ කමිටුවේ සංයුතිය පරික්‍ෂා කිරීමෙනි.
මෙම පනත අනුව ශ‍්‍රී ලංකාව තුල වසරක් තුල භාවිතා නොකරන ලදැයි සාමාන්‍ය ජනයාගේ අවබෝධය මත හෝ පර්යේෂනාගාරයක, විශ්ව විද්‍යාල ඇතුළුව වාර්තා ඇතුළුව තහවුරු වේ නම් හෝ එම ප‍්‍රභේද එසේම විදේශ රටක එවැනිම ආකාරයට වසර 06 ක කාලයක් ඇතුළුව භාවිත නොකරන ලදැයි වාර්තා ලැබී ඇති නම් එවැනි ශාඛ ප‍්‍රභේදයක් නව ශාඛ ප‍්‍රභේදයක් ලෙස ලියාපදිංචි කිරීමට සුදුසුකම් සපුරා ඇති බවට පනතේ 10 වැනි වගන්තියෙන් ප‍්‍රකාශවේ.
මෙය පාරම්පරික ශාඛ ප‍්‍රභේද සඳහාද එකසේ බලපැවැත්වේ. නව ප‍්‍රභේදයක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය නව්‍යතාවය යන ප‍්‍රධාන ලක්ෂණය ඒ අනුව සම්පූර්ණ වේ. මෙයට අමතරව සුවිශේෂත්වය, ස්ථායීතාවය, ඒකාකාරිත්වය හා නාමකරණය යන ලක්ෂණයද ප‍්‍රධාන ලක්ෂණයක් සේ හැඳින්වීමට ප‍්‍රමාණවත්ය. එසේම එම පනතේ ප‍්‍රතිපාදන අනුව දැනට භාවිතය තුල යොදා ගන්නා ශාඛ ප‍්‍රභේදයක වුවද, කිසියම් විකිරණයක් (වෙනස් වීමක්) ඇතිවී එය ප‍්‍රවේනික ස්ථායිව පවත්වාගෙන යාමට හැකිනම් එයද නව ශාඛයක් ලෙස ලියාපදිංචි කොට එහි අයිතිය ලබාගත හැක. එවැනි ප‍්‍රධාන උප විෂේශයේ මාදිලි දහස් ගණනක් හඳුනාගෙන හෝ වාර්තා නොවී හෝ තිබිය හැක.
උදාහරණයක් ලෙස කොස් ලෙසින් හඳුන්වන ශාඛ වර්ගයේ ප‍්‍රභේද කොපමණ ගණනක් දැනට වාර්තා කොට ඇත්ද යන්න කිසිවකුට පැවසිය නොහැක. එහෙත් විවිධ ස්වෙච්ඡ සංවිධාන හරහා සහ පර්යේෂණ ආයතන හරහා මෙවැනි මාදිලි දහස් ගණනක වාර්තා ඉන්දියාව සහ බටහිර රටවල් නියෝජනය කරන දේශීය සමාගම් හෝ එම සමාගම් විසින් සෘජුවම ලබාගෙන ඇති දැයි අප කිසිවෙක් නොදනී. මේ අනුව අප රටට ආවේනික වූ ශාඛ උපෙවිශේෂ හා එහි විවිධ මාදිලි ලෙස සියදහස් ගණනක් ඉතා සුළු කාලයක් තුල බටහිර නීත්‍යානුකූලව හිමිවනු ඇත.
මෙම පනතේ වඩාත්ම අහිතරකර වගන්ති වනුයේ ගිවිසුමකට සම්බන්ධ වෙනත් රටක පුද්ගලයකුට මෙම පනත යටතේ මේ රටේ ඇති ශාඛ මාදිලියකට අයිතිය ප‍්‍රකාශ කිරීමට හැකියාවක් තිබීමයි. එය 16 වන වගන්තියෙන් කියවේ. එසේම ගිවිසුම යන්නහි අර්ත දැක්වීමදී එයකුමන ගිවිසුමක්ද යන්න නිශ්චිතවම නිර්වචනය කොට නොමැති අතර ශාක ප‍්‍රභේද ආරක්ෂා කිරීමේ ඕනෑම ගිවිසුමක් මෙයට අයත් විය හැත.
මෙම පනතේ අංක 17 වගන්තිය යටතේ ලියාපදිංචිය සඳහා ලබාදිය යුතු ප‍්‍රමුඛතාවය සඳහන් කොට ඇත. එහිදී යම්කිසි ශාඛ ප‍්‍රභේදයක් විදේශයක දැනටමත් ලියාපදිංචිවී ඇතිනම් එම ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේනම් එම අයිතිය ලබාගැනීමේදී ඒ බව ඉදිරිපත් කරන අයදුම්පතේ සඳහන් කල හැක. ඒ අනුව එම ලියාපදිංචිය වසරක් ඇතුලතද සිදුකර ඇත්නම් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හට එම ශාඛ මාදිලිය සඳහා පිටරට ලියාපදිංචිකරු වෙත ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු වේ.
දැනටමත් නීත්‍යනුකූල හා නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරට ජාන සම්පත් සමූහයක් විදේශගතවී අවසන්ය. මේ අනුව ශ‍්‍රී ලංකාව ශාඛ ප‍්‍රභේද ආරක්ෂා කිරීමේ පනත පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමට ආසන්න බැවින් මෙම ලබාගත් ජාන මගීන් ශාඛ ප‍්‍රභේද රාශියක් ඒ ඒ රටවල ලියාපදිංචි වෙමින් පවතිනු ඇති අතර අවසානයේ ශ‍්‍රී ලංකාවට එහි හිමිකාරිත්වය පවා අහෝසි වනු ඇත.
අංක 22 වගන්තිය යටතේ මෙම ශාඛ ප‍්‍රභේදයක හිමිකරුවකුට ලැබෙන වරප‍්‍රසාද සාකච්ඡුා කෙරේ. ඒ අනුව එම ප‍්‍රභේද විකිණීම, බීජ හා ප‍්‍රරෝහන ද්‍රව්‍ය විකිණීම, ආනයනය අපනයනය යනාදී සියළුම අයිතීන් ලැබෙනුයේ ශාඛ ප‍්‍රභේදයේ හිමිකරු වෙත වේ.
එසේම එම පනතේ 26 වගන්තිය යටතේ වෙනත් පනතකින් කොටස් හෝ පැලෑටියන් අපනයනය කිරීමට තහනම් කරන ලද ද්‍රව්‍ය පවා පරිභෝජනය කිරීමේ නාමයෙන් අපනයනය කිරීමට මෙහි හිමිකරුට අවස්ථාව ලැබී යයි. මෙම යෝජිත පනතේ අංක 35 – 36 වගන්තීන් වෙන්කොට ඇත්තේ ගොවීන්ගේ අයිතිවාසිකම් සඳහා වේ. මේවා සමාජ විද්‍යාත්මක හේතුමත ඉදිරිපත් කරන ලද අර්ථ රහිත වගන්ති බව යෙනී යන්නේය අංක 35 වගින්තිය අනුව ගොවීන්ට නව මාදිලි ලියාපදිංචි කල හැකි බව දක්වා තීබීමෙන් සහ අංක 36 වගන්තිය අනුව, ගොවීන්ගේ දැනුම නොමැතිකම අධිකරණයක් ඉදිරියේ ඔප්පුකිරීමෙන් පේටන්ට් බලපත‍්‍රයක් උල්ලංගයක් කිරීමේ වරදට ඔහු යටත් නොවන බව දක්වා තිබීමෙනි.
ගොවීන් රටේ සාමාන්‍ය පුරවැසියන් වන අතර නව මාදිලියක් ලියාපදිංචි කිරීම සෑම පුරවැසියෙකු සතු අයිතියකි. එය විශේෂයන් සඳහන් කිරීම අනවශ්‍යයය. දෙවැන්න ගොවීන් විසින් වසර දහස් ගණන් මේ රටේ භාවිත කල ගස්වැල් වල අයිතිය මේ පනතින් විවිධ පුද්ලගයලින් හට ලබාදුන් බව ප‍්‍රායෝගික ජීවිතයේ ගොවීන් නොදන්නා බව ස්වාභාවිකය. සියලූම ලියාපදිංචි ප‍්‍රභේද මේ පනත යටතේ ගැසට් කල යුතුය. ශ‍්‍රී ලංකා නීතිය යටත් ගැසට් මගීන් ප‍්‍රකාශයට පත්වූ දෙයක් නීතියක් ලෙස ප‍්‍රසිද්ධවූවක් ලෙසත් සැලකේ. ඒ අනුව ගොවීන්ට පාරම්පරික ශාක භාවිත කිරීමේ වරදට මුක්ත වීමක් නොවනු ඇත. ගොවීනට තම වගාබිම්වල පෙර පරිදිම බීජ වැපිරීම හා අස්වැන්න ලබාගැනීම කල හැකි යයි පවසා තිබුනද නව පනත යටතේ බීජවල හා ප‍්‍රරෝහන ද්‍රව්‍ය වලට අයිතිය ඉන්දියානු බටහිර සමාගම් ලබාගත් පසු ඒවා මිලදී ගැනීම හැර වෙන කිසිවක් කල නොහැක.
අංක 37 වගන්තිය යටතේ පේටන්ට් ශාඛ මාදිලි පරීක්‍ෂණ සඳහා භාවිත කලහැකි බව සඳහන් කලද එයින් තර්ජනයට නැවත ලක්වන්නේ දේශීය පුද්ගලයින් විසින් වැඩි දියුණු කරගත් ශාඛ ප‍්‍රභේදයකි.
සමස්ථයක් ලෙසින් ගත්කල මෙම පනත ශ‍්‍රී ලංකාවේ පනත් කෙටුම්පතක් ලෙස සකස් කල පුද්ගලයා පියවි සිහියකින් සිටින පුද්ගලයකුද යන්න පවා සිතීමට නොහැක.
ඉහත කී කරුණු වලට අමතරව පනත ෙසෙධාන්තික අඩුපාඩුද නිරීක්ෂණය කල හැක.
1. බලය දැඩි ලෙස විමධ්‍යගතවීම
මෙය අන්තර්ජාතික සම්මුති හරහා පනවනු ලබන නීතිරීති වල ප‍්‍රධාන ස්වරූපයකි. මෙම පනතේ මධ්‍යගත කොට ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතය. තනි පුද්ගලයෙකුට වඩා බලය විමධ්‍යගත කිරීම තුලින් බලපෑම් ඇති කොට හෝ අක‍්‍රමිකතාවය මත හෝ සම්පත් බහුල ආයතන මඟින් තම කාර්ය සඳහා ඔහු පොලඹවාගැනීම අප වැනි නොදියුණු රටවල ලක්ෂණයකි. මෙයට අමතරව වෙනත් අකාර්යක්ෂමතා මත හෝ කරුණු වරදවා වටහා ගැනීම තුළ හෝ වෙනත් අනවබෝධයක් මත හෝ තනි පුද්ගලයකු මගින් සිදුවිය හැකි වැරැුද්දක් නිවැරදිවීමට හැකියාවක් නොමැත. මෙය පනතට අදාල උප විෂයනට අදාල වේ. ඒ අනුව එක් එක් බෝග අකාර පවා අනාවරණය කොට ඇත්තේ නනි පුද්ගලයන් වටා වේ.
2. කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ රැකියාවේ නියැලෙන රජයේ සේවකයන්ගේ පාරදෘෂ්‍යභාවය ගැන ගැටළු රාශියක් දැනටත් මතුවී ඇත.
මෙහිදී පෞද්ගලික රජයේ ඒකාබද්ධ ව්‍යාපෘති තුලින් නීත්‍යනුකූලව පෞද්ගලික ආයතන වලින් වේතන ලබාගැනීම.
විශ‍්‍රාම ගැනීමෙන් පසුව ඉහලම විධායක ශ්‍රේණියේ නිලධාරීන් පෞද්ගලික ආයතනවල සේවය කිරීම.
පෞද්ගලික මට්ටමින් සිදුවිය හැකි බලපෑම් ද සැලකිය හැක.
මෙය පනතේ ප‍්‍රතිපාදන ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට බාධාවකි.
3. කමිටු සාමාජිකත්වයේ නාමික සහභාගීත්වය
බොහෝ අනපනත් වල සඳහන් කර ඇති කමිටු වලට සහභාගීවන්නේ ආයතන ප‍්‍රධානීන් හෝ එවැනිම කාර්යබහුල ඉහල තනතුරු දරණ ඉහල මට්ටමේ විධායකින්ය. ප‍්‍රායෝගිකව මොවුන්ගේ සහභාගිත්වය සිදුවන්නේ නාම මාත‍්‍රිකව පමණක් වන අතර පනතට අදාලව සක‍්‍රීයව දායතක්වයක් දක්වන නියෝජිතයා හෝ නියෝජිතයින් යෝජනා ඉදිරිපත් කිරීම, පිළියෙල කිරීම, අධීක්‍ෂණය කිරීම හා සම්මත කිරීම යනාදී සියළුම කාර්ය සිදුකරයි.
පැහැදිලිවම උදාහරණ ඉදිරිපත් කලහැක්කේ පිලිබෝධනාශක පාලන කමිටුවවේ ක‍්‍රියාකාරිත්වය අධ්‍යයනය කල විටය.
එහිදී ස්වාභාවික පරිසරයේ ස්වාභාවිකව දක්නට නොලැබෙන නිෂ්පාදනයේදී කිසිලෙසකින් යොදා නොගන්නා මර්කරි (රසදිය – එය තහනම් කරන ලද උග‍්‍ර විෂ කාරකයකි). පලිබෝධනාශක වලට ස්වාභාවික එක්වන බව හා එය සෞඛ්‍යට අහිතකර නොවන බවට එම කමිටුව ඉදිරියේ පරිබෝධනාශක රෙජිත‍්‍රාර්වරයා ප‍්‍රකාශකල විට සියළුම සාමාජිකයන් එක හෙලාම එය අනුමත කිරීම අනුව පනත්වලින් ප‍්‍රකාශකරන ලබන කමිටුවල යාථාර්ථය තේරුම්ගත හැක.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂන හා ප‍්‍රතිපත්ති සභාව CARP මඟින් විටින් විට රටතුල ඇති ශාඛ ප‍්‍රභේද අසීමිත ගණනක් පිටරටට නිලවශයෙන් ප‍්‍රධානය කොට ඇත. එසේම විශ්ව විද්‍යාල හා වෙනත් පරීක්‍ෂණ ආයතන හරහාද ජාන සම්පත් රාශියක් පිටරටට අයත් වී ඇත. මේවා නව ශාඛ ප‍්‍රභේද ලෙස ලියාපදිංචි වී රටතුල භාවිතයට අවහිරතාවයක් ඇතිවනු ඇත.
රාජ්‍ය ආයතනයක සේවකයෙකු හෝ සේව්‍ය කාණ්ඩායම් සොයාගනු ලබන නව ප‍්‍රභේද වලට රජයේ ගෙවීමක් ලැබීමට නියමිත අතර, ක‍්‍රියාත්මක තනි පුද්ගලයින් හෝ කුඩා පරිමාන ව්‍යාපාරවලට නව ප‍්‍රභේද අනුමත කරන්නේ නව ප‍්‍රභේද නිෂ්පාදනය කරන්නේ එකම ආයතනයක සේවකයින් බැවිනි.
මෙයට සමාන්තරව බීජ පනතේ නව සංශෝධනයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සාමාන්‍ය බීජ මෙහෙයවීමේ අයිතිය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ අනුව පැවරේ. එනයින් ඔහුගේ අවසරය නොමැතිව පරම්පාරික බීජ හැසිරිවිය නොහැක. මෙයට අමතරව පහත ප‍්‍රායෝගික ගැටළුද මෙම යෝජිත ක‍්‍රියාත්මක කිරීමෙන් පැනනගිනු ඇත.
1. ශාඛයක හෝ ශාඛ විෂේශයක හෝ ප‍්‍රභේදයක අයිතිය ලබාගැනීමේදී එය සතු සියළුම ජාන සම්පත් හිමිකරු වෙත ලැබෙනු ඇත.
2.අන්තර්ජාතික ගිවිසුම බලාත්මක වීමෙන් ශ‍්‍රී ලංකාවේ ජාන සම්පත් උපයෝගීකොටගත් ශාඛ ප‍්‍රභේදයක් පිටරටක වුවද ලියාපදිංචි විය හැක. මෙහිදී කිසියම් කෙනෙකු එහි අයිතිය පිළිබඳ නීත්‍යානුකූල ක‍්‍රියාමාර්ගයක් ගනී නම් එය වියදම් අධික, ප‍්‍රායෝගික නොවන ක‍්‍රියා පටිපාටියකි.
3. රාජ්‍ය නිලධාරීන් හා වැඩකිරීමේදී සිදුවන …නීනතාවය, අකාර්යක්ෂමතාවය, උදාසීන බව යන ප‍්‍රමුඛ සාධක යටතේ විවිධ ප‍්‍රමානයේ නිශ්පාදකයාට විවිධ අකාරයෙන් ප‍්‍රතිචාර ලැබෙනු ඇත.
4. නව ප‍්‍රභේදයක් ලෙස භාවිතාකරනුයේ ගොවීන් බොහොමයක් අඩුවෙන් භාවිත කරන හෝ වඳවී ගිය ප‍්‍රභෝදනයක් විය හැකිය.
5. ජාන සම්පත් වලින් අනාගතයෙහි ලබාගත හැකි ප‍්‍රයෝජන අහිමි වී යනු ඇත.
6. ඉතා කුඩා වෙනස් වීමක් මගින්ද නව ප‍්‍රභේදනයක් සඳහා පේටන්ට් ගත හැකිය.
අවසාන වශයෙන් ප‍්‍රකාශ කල හැක්කේ පැන නගින ජාතික හා ජාත්‍යන්තර බලපෑම් හා පීඩන හමුවේ රජයට කිසිසේත් යෝජිත පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇත. මේ අනුව සිවිල් සංවිධාන හා බුද්ධිමතුන් සතුව පවතින කාර්යබාරය ඉමහත්ය, ඒ අනුව
1. රජයට බුද්ධිමය දේපල පනත මේ වන විටත් රටතුල ප‍්‍රායෝගික නීතියක් ලෙසින් ක‍්‍රියාත්මක වන බැවින් හා පිටරට බීජ නිෂ්පාදන තවදුරටත් සුරක්‍ෂිත වන බැවින් නව පනතක් අනවශ්‍ය බව ජාත්‍යන්තරයට ප‍්‍රකාශ කල හැක. 2. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්හට දැනට ශ‍්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති ප‍්‍රභේද අද විශේෂ පාර්ලිමෙන්තු ප‍්‍රශ්න මාර්ගයෙන් ගැසට් කල හැකිය. නිලධාරීන් සත්‍ය තොරතුරු සැපයූවාද යන්න විගණන අංශ මගින් පරීක්‍ෂා කිරීම්ද කල හැක.
3. දෙවැන්න එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍්ඍඡු ආයතනය හෝ වෙනයම් රාජ්‍ය ආයතනයන් මගින් ජාන සම්පත් හුවමාරු කර ගැනීමේ ලේබලය මඟින් පිටරට ලබාදුන් ජාන පිළිබඳ ලේඛනයක් මේ පරිදිම සභාගත කල හැක.
4. සුළු අපනයන බෝග පනත වන ජීවී ආරක්‍ෂක පනත හා වෙනත් පරිසර පනත් හරහා ඇති අමාත්‍ය වරප‍්‍රසාද සතු බලතල යොදවා දේශීය පාරිභෝජන ශාඛ හා බීජ තනි අයිතිය සඳහා භාවිත කිරීම වැලැක්වීමට රෙගුලාසි සෑදීමට රජයෙන් ඉල්ලා සිටිය හැක. මෙය විශේෂයෙන් ඒක දේශීය ශාඛ සඳහා අනිවර්ය කල යුතුය.
5. වෙනත් පනත් මගීන් ආරක්‍ෂිත ශාඛ ලෙස නම්කොට ඇති ප‍්‍රරෝහන විභවයක් සහිත කිසිදා කිසිදු හේතුවක් මත රටින් බැහැර කිරීම තහනම් කල යුතුය.
6. නව ප‍්‍රභේද හා මාදිලි නිපදවා ගැනීම ස්වාභාවික පරිසරයෙන් ශාඛ හා මාදිලි සොයා ඒවා ලියාපදිංචි කිරීම වෙනුවට කිසියම් නිශ්චිත ක‍්‍රියාදාමයකට ලක්කොට අභිජනන හෝ වෙනත් බිහිකර ලබන නව ශාඛ ප‍්‍රභේද සඳහා පමණක් අයිතිය ලබාදීමට නිර්නායකයන් එක් කල යුතුයි.
7. රටතුල වාසය කරන උපාධිධාරීන්, විද්‍යාඥයන්, තාක්‍ෂණික නිලධාරීන් පාරම්පරික ගොවියන් සඳහා ශාඛ විශේෂ බෝකිරීමේ කටයුතු වලදී ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු අතර එවැනි දේශීය ආයතන හා පුද්ගලයින් හට සාධාරණ ලෙස සේවය ලැබෙන්නේද යන්න අධීක්‍ෂණය කිරීමටද වැඩ පිළිබවෙලක් තිබිය යුතුය.
8. කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ රජයේ නිලධාරීන්ගේ පාරද්‍රෘශ්‍යතාවය ඉහල නැංවීමට කටයුතු කල යුතු අතර, විගණන අංශ ගණනාවකින් මොවුන්ගේ ක‍්‍රියාකාරිත්වය විගණනය විය යුතුය.
9. ඉන්දුනීසියාවේ තායිලන්තයේ හා පිලිපීනයේ සිදුකලා මෙන් මෙම පනත ඉදිරිපත් කිරීමට පෙර දේශීය ශාඛ හා ජාන සුරැකීමට ක‍්‍රියාමාර්ගයක් ගත යුතුය.
10. පාරම්පරික බීජ භාවිතය පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විෂය පථයට භාජනය නොවන තරම් දැනුම් සම්භාරයකට අයත් වන බීජ සමූහයක් බැවින් වන ජීවී පනත හෝ වෙනත් පනතකින් එම බීජ හා ප‍්‍රවේණි දර්ශ ආරක්‍ෂා කොට රටතුල නිදහසේ භාවිතයට අවසර ලබාදිය යුතුය.
අවසාන ලෙස දැන්විය හැක්කේ මෙම පනතේ දක්වා ඇති රෙගුලාසි හුදෙක් ප‍්‍රකාශවිය හැකි විරෝධයක් සමනය කිරීමේලා ඉදිරිපත් කරන ලද රෙගුලාසි මිස ඉහත දැක්වූ ක‍්‍රියාමාර්ග සම්මත නොකර යෝජිත ශාඛ ආරක්‍ෂණ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් වහාම ශ‍්‍රී ලංකාවේ ඇති සියළුම ශාඛ හා බෝගවල අයිතිය ඉල්ලා අයදුම්පත් දසදහස් ගණනක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් වනු ඇත.
ලෝකයේ වටිනාම ජාන සම්පත් සහිත රටක, එම ජාන සම්පත් වල අයිතිය ලබාගැනීමට ඉන්දියා හා බටහිර රටවල් දැනටමත් අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කොට අවසන් බව තේරුම්ගත යුතුය. සූදානම්වන්නේ ඒ සඳහා පිලියෙල කරගත් පනත් කෙටුම්පත් නීතියක් ලෙස සම්මත කිරීම පමණි.
featured Latest slider 2012-10-20