ජීවිත 6ක් බේරාගෙන ගින්නට බිලිවූ පුංචි වීරයා

අමෙරිකාවේ නිව්යෝර්ක්හි ජංගම නිවසක ඇතිවූ ගින්නකින් ඇතුළු 6 දෙනෙකුගේ දිවි ගලවාගත් 8 හැවිරිදි දරුවා තම සීයා බේරාගැනීමට යාමේදී මියගිය පුවතක් එරට වාර්තා සඳහන් කර තිබේ.

කුඩා ළමුන් දෙදෙනකු ඇතුළු 6 දෙනකු ඇවිලූණු ගින්නෙන් බේරාගත් ටයිලර් ඩුහාන් නමැති දරුවා තම ආබාධිත සීයා බේරාගැනීමට යාමේ දී ගින්නට හසුවීම නිසා මියගොස් ඇත. නිවසේ පිටුපස කොටසේ ගින්න පැතිර ගිය ස්ථානයකදී ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී ඇත.

ටයිලර් පිළිබඳ දැඩි ශෝකයෙන් පසුවන ඔහුගේ මව වන ක‍්‍රිස්ටල් වෘෘමන් පවසන්නේ ‘මට ඔහු ගැන ගොඩක් ආඩම්බරයි. ජීවිත 6ක් බේරාගත් ඔහුට ගැලවෙන්න බැරිවුණා. මට ආයෙත් මගේ පුතා ඕනේ’ යනුවෙනි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...