13.1 C
London
Sunday, December 7, 2025
spot_img

ජේසුතුමා විවාහකයෙක් – ලොව කලඹන සාක්‍ෂියක් හමුවේ

හාවඞ්හි දේවධර්මය ඉගැන්වෙන පාසලක මහාචාර්යවරයකු විසින් සොයා ගන්නා ලද පුරාණ පත‍්‍රිකාවකට අනුව නවතම කරුනු කිපයක් ජේසුස් වහන්සේ සම්බන්ධයෙන් හෙලිකර දී ඇත.

එම පති‍්‍රකාවට අනුව ‘ඇය මගේ බිරිඳ යයි ජේසුතුමා ඔවුන්ට කිවුවා’ යනුවෙන් පාඨයක් සහිතව ජේසු තුමන් මේරි මැගලන් නමි කාන්තාවක විවාහ වී සිටි බවට සාක්ෂි ඇති බව මොහු පෙන්වා දෙයි. හතරවන සියවසට අයත් පැපිරි කඩදාසි වල සටහන් කරන ලද මෙම නිවේදනය බ‍්‍රහ්මචාරිවරයකු වන ජේසු තුමන් හා එතුමන්ගේ කතෝලික දහමට විරුද්ධ කරන ලද ප‍්‍රකාශයක් ලෙස ඇතැම් මාධ්‍ය පෙන්වා දෙයි.

රෝමයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී මෙම පැපිරි පත‍්‍රය පිලිගත හැකි එකක් බවත් එහි සඳහන් දිනය ද ස්ථීර ලෙස තහවුරු කර ඇති බවත් ඔහු තව දුරටත් ප‍්‍රකාශ කර ඇත. ඔවුන් මෙය සත්‍ය වශයෙන්ම ඓතිහාසික පුවතක් ලෙස ඔවුන් විශ්වාස කරන බවත් මාධ්‍ය පෙන්වා දෙයි.

නමුත් වතිකානුව මඟින් තවමත් ෙමි පිලිබඳව කිසිදු නිවේදයක් මේ වන තෙක් නිකුත් කර නොමැත.

එහි කරන ලද විස්තර කිරිමක ජේසු තුමන් ‘මාගේ බිරිද’ ලෙස පාඨයක් සඳහන්ව ඇති බවත් ඔවුන් සඳහන් කරයි. මෙය කොප්ටික් වරුන්ගේ භාෂාවක් වන අතර එය ඉංග‍්‍රිසි බසින් කියවා තේරුමි ගැනිමට හැකි වචන ලෙස දිස්වූයේ ‘My mother‘ හා ‘three‘ යන වචන දෙක පමණකි.

ජේසු තුමන් ගේ ඉගැන්වීම අනුව සෑම කතෝලිකයෙක්ම බ‍්‍රහ්මචාරි විය යුතුද යන වග මෙම සොයාගැනීම අනුව ප‍්‍රශ්ණයක් වන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. කි‍්‍රස්තියානි ජනශ‍්‍රැතියේ පැවතෙන ආකාරයට ජේසුතුමන් අවිවාහක යන්න විශ්වාස කලද මේ වන තෙක් එය ඔප්පු කිරිමට සාධකලැබී නැති බවත් දැනට ලැබී ඇති සාක්ෂි අනුව ජේසු තුමා විවාහක යැයි විශ්වාස කල හැකි බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් බයිබලයට අනුව ජේසුතුමා අවිවාහකය.

NEWS –BBC

NEWS – RT

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles