12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ජේසුතුමා සහ මේරිතුමිය ඔස්ට්‍රේලියාවේ යළි ඉපදේ

ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ. මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති. ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’ (Today Morning) නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.” රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය. මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්‍රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා. දැනුත් එහෙමයි. ඒ.ජේ.මිලර් ජීවත්වන්නේ ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ විල්ක්ස්ඩේල් නැමැති ගමේය. මෙය බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝ මීටර් 200 පමණ දුරින් පිහිටා තිබේ.
mariyaඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය. ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය. ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.
මේරි සුසෑන් ලක් සහ ඒ.ජේ. මුණගැසුනේ 2007 දීය. ටික දිනකට පසු ඒ.ජේ. මිලර් විසින් ඇය ඇත්ත වශයෙන්ම මේරි බැන්ඩලීන් බව ඇයට අනාවරණය කර තිබේ. ලෝක විනාශයක් ළඟ එන බවත්, මුහුදු මට්ටම මීටර් 100 කින් ඉහළ යන බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වන සිඩ්නි, බ්‍රස්බේන්, පරත්, ඇඩිලේඩ් මීටර් 100 ක් ජලයෙන් යට වන බවත් ඔහු පවසයි. ඒ.ජේ.මිලර්ගේ වෙබ් අඩවිය: www.divinetruth.com‍

http://youtu.be/0_ANrBot_xQ

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles