Saturday , 7 September 2024

ජෝර්දානයේ සිට ලංකාවට පැමිණි සඳාමාලි තවමත් ගෙදර ඇවිත් නෑ…

“එයා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා මම ආයෙ රට යනවා පුතා බලන්න ඕනෑ කියලා. නමුත් දැන් දින දාහතරක් ගතවුණත් ඊට පස්සේ කිසිම තොරතුරක් නෑ” යැයි මීට වසර දෙකහමාරකට පෙර ජෝර්දානයට ගෘහ සේවය සඳහා ගිය බිරිය සොයා දෙන ලෙස ඉල්ලූ මනම්පිටිය දෙල්කන්ද පදිංචි ඩබ්.ඩී. ප්‍රසන්න කීර්ති (30) පැවැසීය.

වයස අවුරුදු 2 1/2 ක පුතකු සිටියදී 2011.02.02 දා විදෙස්ගත වූ බිරිය පසුගිය (11 දා) දුරකතනයෙන් කතා කොට ලංකාවට ආ බව පවසා ඇති අතර නැවැත රට යන බැව්ද කියා ඇත. ඊට පෙර දරුවා බැලීමට අවශ්‍ය බවද පවසා ඇත.

තම බිරිය වන ඩබ්.ඒ. සුසන්තා සඳමාලි (27) සොයා ගැනීමට සහ ගෙන්වා ගැනීමට උදවු කරන ලෙසද ඔහු වැඩිදුරටත් පැවැසීය. පුතා අම්මා ඉල්ලලා අඬනවා. එයා කතා කළාට පස්සේ ඒක වැඩියි. විදේශ සේවා එකට ගියාම අවුරුදු පහට අඩු නම් උදවු කරන්න පුළුවන් කිව්වා. මගේ පුතාට අවුරුදු පහ සම්පූර්ණ වුණේ ගිය මාසේ. පුතාට අම්මා කෙනෙක් දෙන්න. එයාට නැවැත රට යන්න දෙන්න එපා. වීසා කැන්සල් කරලා ගෙන්වා දෙන්න යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය. අවුරුදු 5ක් වයසැති පුතු හිරාන් ආකේෂ් සිය මව ගෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

තම පවුලේ අගහිඟකම් මකාගන්නට ජෝර්දානයේ ගෘහ සේවිකාවක ලෙස රැකියාවකට ගොස් අවුරුදු දෙකහමාරකට පසුව සියරට පැමිණි සුසන්තා සඳමාලි අසරණ මවට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීම තව දුරටත් පමාකළ යුතු නොවේ. සඳමාලිගේ ආගමනය සඳක් සේ බැස ගොස් සැඟනොවේවායැයි අපි සැවොම ප්‍රාර්ථනා කරමු !

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...