14.9 C
London
Friday, April 25, 2025
spot_img

‘ටයිටැනික්’ රෝස් ගෞරව නාමයකින් පිදුම් ලබයි

ඔස්කා සම්මාන රැසක් දිනාගනිමින් ලොව පුරා ජනප්‍රිය වූ 1997 වර්ෂයේ දී තිරගත වූ ‘ටයිටැනික්’ චිත‍්‍රපටයේ රෝස් නම් වූ යුවතියගේ චරිතය නිරූපණ කිරීමේන් ලෝකවාසී සැමගේ ජනාදරයට පත්වූ හොලිවුඩ් නිළි කේට් වින්ස්ලට් හට එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහරැජින විසින් ගෞරව නාමයක් ලබා දී ඇත.

මේ වන විට 37වැනි වියෙහි පසු වන සූරූපී කේට් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වේ. ඇය Commander of the Most Excellent Order of the British Empire නම් CBE ගෞරව නාමයෙන් මෙසේ පිදුම් ලබා ඇත. නාට්‍ය කලාව සඳහා සිදුකරන ලද සේවාව වෙනුවෙන් ඇයට මෙම ගෞරව නාමය ලැබී ඇත.

පෙරේදා (21) ලන්ඩනයේ බකිංහැම් මාළිගාවේ පැවති චාරිත‍්‍රානුකූල උත්සවයකදී මහරැජින විසින් මෙම ගෞරව නාමය කේට් හට ලබා දී ඇති අතර එම අවස්ථාවට ඇගේ දරු දෙදෙනා වන 12 හැවිරිදි මියා හා අට හැවිරිදි ජෝ ද සහභාගී වී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles