‘ටව්ටාටිස්‌’ පෘතුවිය අසලින් ගමනක

0
103

ඉදිරිදින කීපය තුළදී දැවැන්ත උල්කාපාතයක්‌ පෘතුවිය සමීපයෙන් ගමන් කරන බව අභ්‍යවකාශ විශේෂඥයෝ පවසති.

‘ටව්ටාටිස්‌’ නැමැති මේ උල්කාපාතය කිලෝ මීටර් පහක්‌ පළල යයි හෙලි වී ඇති අතර කැනරි දූපත් සමූහයේ ස්‌ථානගත කර ඇති දුරදක්‌න තුළින් මේ උල්කාපාතය නැරඹිය හැකි වේ.

මෙම උල්කාපාතය මුලින්ම සොයා ගනු ලැබුවේ 1989 වසරේදීය. මෙවන් උල්කාපාතයක්‌ වසර මිලියන 65 කට පෙර පෘතුවියට කඩා වැටීමෙන් ඩයිනෝසරස්‌ සතුන් විනාශ වී ඇත.

ටව්ටාටිස උල්කාපාතය නිසා පෘතුවියට හානියක්‌ සිදු නොවන බව කීවත් එය යම් ලෙසකින් ගැටුනොත් මහත් විනාශයක්‌ සිදුවන බවද අභ්‍යවකාශ නිරීක්‍ෂකයෝ පවසති.