පාඩම් කිරීම සඳහා රූපවාහිනියේ ශබ්දය අඩුකරන්නැයි පැවසූ නිසා සිය දියණියට බීමත් පියෙකු මන්නයකින් පහර දීම නිසා තුවාල ලැබූ දියණිය ඇල්පිටිය රෝහලට ඇතුලත් කර තිබේ. ඇල්පිටිය අඩුගොඩ ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියට මෙසේ පියා විසින් පහර දී ඇති අතර එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දැරියගේ හිසට මැහුම් අටක් දමා ඇතිබවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි සිද්ධියට සම්බන්ධ පියා නිවසින් පලාගොස් ඇති අතර පොලිස් අපරාධ විමර්ශන අංශාධිපති එල්. ඩී. එන් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරී පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
