17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ටූනා මත්ස්‍යයෙක් රුපියල් කෝටි 22කට විකිණේ

විශාල නිල් වරල් ටූනා මත්ස්‍යයෙක් ටෝකියෝ මාලූ වෙලඳපොලේ වෙන්දේසියකදී ඩොලර් මිලියන 1.8 කට (ආසන්න ලෙස රුපියල් කෝටි 22.5කට) ආසන්න මුදලකට අලෙවි වී ඇත.

කිලෝ ග‍්‍රෑම් 221 ක් බර මෙම මත්ස්‍යයා පසුගිය වසරේ තිබු වාර්තාව මෙන් තුන් ගුණයකට ආසන්න නව වාර්තාවක් පිහිටුවමින් සුකිජි වෙලඳපොලේදී අලෙවි විය.

ඊසානදිග ජපානයේ වෙරලට නුදුරෙන් මේ මත්ස්‍යයා අල්ලා ඇතැයි වෙලඳපොල නිලධාරී රොජි යාගි පවසයි. ජපානයේ අවහන්හලක මේ මාලූ වලින් පිලියෙල කල සුෂි හා සශිමි ආහාරයට ගැනීමට හැකිවනු ඇත.

ක්යෝදෝ පුවත් ආයතනය වාර්තා කලේ මේ මාලූවා මිලදී ගෙන ඇත්තේ සුෂි සන්මායි අවන්හල් හිමිකාරීත්වය ඇති කියමුරා ආයතනයේ ප‍්‍රධානී කියෙජි කිමුරා විසින් බවයි. තම අවන්හල් වල ටූනා මාලූ විකිණිමට අදහස් කරන මිල ඔහු තවම කියා නැත.

කිමුරා මීට පෙරද කිලෝග‍්‍රෑම් 269ක් බර ටූනා මත්ස්‍යයෙකු ඩොලර් 736000 කට මිලදී ගෙන ඇත. මෙමගින් ඔහු තම අවන්හල් වලට එන පිරිස වැඩිකර ගැනීමටත් ප‍්‍රචාරණයක් ලබා ගැනීමටත් බලාපොරෙත්තු වෙයි.

ලොව පුරා අල්ලන නිල් වරල් ටූනා මසුන්ගෙන් 85%ක් පමණ පරිභෝජනය කරන්නේ ජපානයයි.

http://youtu.be/C6dIEq8Uuag

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles