12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ටෝනි ග්‍රේග් අප අතරින් සමුගනී

පෙණහළු පිළිකාවක් හේතුවෙන් පීඩා විඳිමින් සිටි ටෝනි ග්‍රේග් මහතා මීට පැය කිහිපයකට පෙර මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය තහවරු කරයි. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු නායකයෙකු මෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් විචාරකයකු වන ටෝනි ග්‍රේග් මහතා සිඩ්නි වල තම නිවසේදී සෙනසුරාදා(අද) පාන්දර හෘද ආබාධයකට ලක්ව ඇති අතර St. Vincent’s රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් තිබුණා.

1972 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ තුන් ඉරියව් දස්කම් ඇති ග්‍රෙග් 1975 වසරේදී එංගලන්ත පිලේ නායකත්වයට ද පත්විය. විස්තර විචාරයට අමතරව ඉන්දීය ක්‍රිකට් ලීග් හි විධායක මණ්ඩල සාමාජිකයකු ලෙස ද, ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවියේ තීරු ලිපි රචකයෙකු ලෙසද, ශ්‍රී ලංකාවේ සංචාරක තානාපතිවරයකු ලෙසද වර්තමානයේ දී කටයුතු කරමින් සිටි ටෝනි ග්‍රේග් මිය යනවිට 66 වැනි වියේ පසුවිය.

Ceylonradio අප ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කරමු !

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles