චාල්ස් කුමරු හා විවාහ ගිවිසීම නිවේදනය කර දින 2 කට පසු ඩයනා කුමරිය නාඳුනන පුද්ගලයකු සමඟ ගන්නා ලද ඡයාරූපයක් වෙන්දේසි කිරීමට යයි. එය මුද්‍රණය කිරීමට උණුසුම් වැඩියයි කලකට පෙර ලන්ඩන් ටැබ්ලොයිඞ් පුවත්පත තීරණය කර තිබේ. එම ඡයාරූපයේ දැක්වෙන්නේ පොතක් කියවන තරුණයෙකුගේ උකුල මත ඩයනා කැමරාවට මුහුණ දෙන ආකාරයයි. පසෙකින් වූ ජනේලය මත විස්කි බෝතලයක් ද ඇත. පසුපස 1981 පෙබරවාරි 26 ලෙස දිනය සඳහන් වන සෙන්ටිමීටර් 20×25 ප‍්‍රමාණයේ ඡයාරූපය හරහා ‘පලකිරීමට නොවේ’ යනුවෙන් ලියා ඇත.
ඇමර්ස්ට් හි ‘PR වෙන්දේසිකරුවෝ’ හි බොබී ලිවින්ස්ටන් කියා ඇත්තේ ඡයාරූපය ඩොලර් 1000 කට පමණ යනු ඇති බවයි. නමුත් එහි සඳහන් වන වචන නිසා ඊටත් වඩා වැඩිවිය හැකියයි ද ඔහු කියා ඇත. විවාහ ගිවිසිම ප‍්‍රසිද්ධ වී මාධ්‍ය කරුවන් විසින් ඩයනා පිලිබඳ තොරතුරු සොයමින් සිටි අවධියේ මෙම ඡයාරූපය පල නොකිරීමට ඬේලි මිරර් කටයුතු නොකල හේතුව අතිශය වැදගත් එකක් විය හැකියයි ඔහු කියයි.
ජනවාරි 17 සිට 24 දක්වා කාලය තුල අන්තර්ජාල ලංසු තැබීම සිදුවනු ඇත.
NEWS :www.rt.com