ඩිල්ෂාන්ගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකාවට අති විශිෂ්ට ජයක් November 7, 2012 Comments Off on ඩිල්ෂාන්ගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකාවට අති විශිෂ්ට ජයක් 3 Views ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (6 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 7 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. වර්ෂාවෙන් බාධාවූ තරගය අවසානයේ පන්දුවාර 33ක තරගයක් බවට පරිවර්තනයවූ අතර මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ට ලකුණු 188 ක් ලබා ගත්තේය. ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ශ්‍රී ලංකාවට පන්දුවාර 33 දී ලකුණු 197 ක ඉලක්කයක් හිමිවූ අතර ශ්‍රී ලංකාව පන්දුවාර 31.1 කදී කඩුලු 3 ට ලකුණු 200 ක් ලබමින් ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා ඉනිමේ තරංග (10), සංගක්කාර (15), මහේල (05) ලකුණු 73 ක් තුළ දැවී ගියද ඩිල්ෂාන්ට එක්වූ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක සම්බන්ධතාවයක් තබමින් ජය මාවත විවර කර දුන්නේය. සුපිරි ඉනිමක නිරතවූ ඩිල්ෂාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. සුපිරි ඉනිමක නිරතවෙමින් සිය 14 වැනි එක්දින ශතකය ලැබූ ඩිල්ෂාන් පන්දු 95 කදී හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 102 ක් ලැබූ අතර මැතිව්ස් පන්දු 47 කදී හතරේ පහර 7 ක් සහිතව නොදැවී ලකුණු 54 ක් ලැබිය. මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු බි.ජේ. වොට්ලින් සුපිරි ඉනිමක නිරතවෙමින් පන්දු 88 කදී හතරේ පහර 12 ක් සහිතව නොදැවී ලකුණු 96 ක් ලබා ගත්තේය. නිකල්, මැකලම්, ටේලර් සහ ඕරම් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද වොට්ලින් ඉනිමේ මුළු බර කරට ගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවිය. නවසීලන්තය පළමු පන්දුවාර 20 තුළ ලකුණු 65 ක් පමණක් ලබා සිටියද වොට්ලින් සමග එක්වූ ෆ්‍රෑන්ක්ලින් සහ නේතන් මැකලම් දැක්වූ දස්කම් හේතුවෙන් අවසානයේ ලකුණු 188 ක් රැස් කර ගත හැකිවිය. වොට්ලින් සහ ෆ්‍රෑන්ක්ලින් අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක්ද, වොට්ලින් සහ මැකලම් අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 71 ක සම්බන්ධතාවයක්ද වාර්තා විය. නවසීලන්ත පිතිකරුවෝ අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 100 ක් ලබා ගත් අතර අවසන් පන්දුවාර 4 දී මාලිංග සහ කුලසේකරට එරෙහිව ලකුණු 51 ක් ලබා තිබුණි. ෆ්‍රෑන්ක්ලින් පන්දු 25 කදී ලකුණු 26 ක්ද, මැකලම් පන්දු 18 කදී නොදැවී ලකුණු 22 ක්ද ලබා ගත්හ. ජීවන් මෙන්ඩිස් ලකුණු 34 ට කඩුලු 2 ක් බිඳ හෙලූ අතර මාලිංග, කුලසේකර සහ මැතිව්ස් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. ලකුණු පුවරුව නවසීලන්තය රොබ් නිකල් ඇ. ජයවර්ධන ප. මාලිංග 7(16) බි.ජේ. වොට්ලින් (නොදැවී) 96(88) බ්‍රෙන්ඩන් මැකලම් ක.මු.ක. ප. මැතිව්ස් 13(25) රොස් ටේලර් දු.දැ.ගි. (මෙන්ඩිස්) 7(16) ජේකොබ් ඕරම් ක.මු.ක. ප. මෙන්ඩිස් 2(4) ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් ප. කුලසේකර 26(25) කේන් විලියම්සන් ඇ. මැතිව්ස් ප. මෙන්ඩිස් 5(6) නේතන් මැකලම් (නොදැවී) 22(18) අතිරේක 10 මුළු ලකුණු (පන්දුවාර 33කදී කඩුලු 6ක් දැවී) 188 කඩුලු බිඳ වැටීම :- 1-9, 2-31, 3-43, 4-49, 5-105, 6-117 පන්දු යැවීම :- මාලිංග 7-0-40-1, කුලසේකර 7-1-45-1, මැතිව්ස් 5-0-15-1, පෙරේරා 4-0-22-0, මෙන්ඩිස් 5-0-34-2, ඩිල්ෂාන් 2-0-9-0, හේරත් 3-0-20-0 ශ්‍රී ලංකාව උපුල් තරංග ඇ. ඕරම් ප. සවුති 10(13) ටී.එම්. ඩිල්ෂාන් (නොදැවී) 102(95) කුමාර් සංගක්කාර ඇ. ටේලර් ප. මිල්ස් 15(27) මහේල ජයවර්ධන ඇ. ඕරම් ප. එන්. මැකලම් 5(6) ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 54(47) අතිරේක 14 මුළු ලකුණු (පන්දුවාර 31.1කදී කඩුලු 3ක් දැවී)200 කඩුලු බිඳ වැටීම :- 1-30, 2-65, 3-73 පන්දු යැවීම :- මිල්ස් 6.1-0-35-1, බෝල්ට් 5-0-29-0, සවුති 7-0-50-1, ඕරම් 7-1-43-0, එන්. මැකලම් 5-0-28-1, ෆ්‍රෑන්ක්ලින් 1-0-8-0 Share featured Latest slider 2012-11-07 ceylonradio Share Facebook Twitter Google + Pinterest