තණකොළ ඇලජික් විම්බ්ල්ඩන් තරුව July 4, 2013 Comments Off on තණකොළ ඇලජික් විම්බ්ල්ඩන් තරුව 4 Views තණකොළ යනු ටෙනිස් ක්‍රීඩාවේ මග නොහැරිය හැකි කොටසකි. විශේෂයෙන් ම මේ දිනවල පැවැත්වෙන විම්බ්ල්ඩන් ටෙනිස් තරගද පැවැත්වෙන්නේ තණකොල ටෙනිස් පිටිවලය. මෙවර කාන්තා විම්බ්ල්ඩන් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ජර්මන් ක්‍රීඩිකා සබීනා ලිසික්ස්කි මේ වන විට අර්ධ අවසාන තරග වටයට සුදුසුකම් ලබා සිටින්නේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා වීනස් විලියම්ස් ද පරදවමිනි. එහෙත් ඇගේ ජයග්‍රහණය විශේෂ වන්නේ සබීනා ට තණකොළ ආසාත්මික වන හේතුවෙනි. පසුගිය වසරේදී ටෙනිස් ස්පේස් නම් වෙබ් අඩවියකට අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබුණි. “තණකොළ මත ක්‍රීඩා කරද්දී මට කිවිසුම් යනවා. එය දරුණු ලෙස අසාත්මික තත්ත්වයක්. ඒත් මෙම තත්ත්වය සමනය කරන්න මම වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. එය දරාගන්න මං ඉගෙනගත්තා.” ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙසේය. “මට ඉස්සර තණකොළ පේන්න බෑ. මුලදී මම තරග 5ක් විතර එක දිගට පැරදුනා. ඒත් 2009 දී විම්බ්ල්ඩන් අර්ධ අවසාන පූර්ව වටයට තේරුනාම ඒ හැම දේම වෙනස් වුනා.දැන් මම තණකොළ මත ක්‍රීඩා කරන්නේ හරිම ආසාවෙන්.” Share featured Latest pretty cool slider 2013-07-04 ceylonradio Share Facebook Twitter Google + Pinterest