තණතීරුවේ පිහිටෙන් දිනන්න ගියාම ඔහොම වෙනවා – අරවින්ද October 9, 2012 Comments Off on තණතීරුවේ පිහිටෙන් දිනන්න ගියාම ඔහොම වෙනවා – අරවින්ද 4 Views මින් පසුව හෝ තණ තීරුවේ පිහිටෙන් නොව ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවලින් තරඟයක් ජයග‍්‍රහණය කරන්නට පාඩමක් ඉගෙන ගත යුතු යයි හිටපු ජාතික තේරීම් කමිටු සභාපතිවරයෙකු මෙන්ම ප‍්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා පවසයි. ‘අවසන් පුර්ව තරඟයේදී පාකිස්තානය වුණු දේ අපටත් සිද්ද වුණා. ඒ නිසා තණතීරුව විතරක් වාසියට හදාගන්නේ නැතිව හොඳ තණතීරු හදලා ඒ මඟින් ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා පෙන්නල තරඟ දිනන්න ඉදිරියේදී කටයුතු කල යුතුයි. අවසන් මහ තරඟයේ හතරේ සීමාවත් පස්සට දාලා තිබුණා. ඒනිසා කොදෙවු පිතිකරුවන් එළියට ගහල ලකුණු ගත්තට අපේ අයට ඒක කරන්න අමාරුයි. අපේ අයගේ ශක්තිය හිඩැස් අතරින් පහරවල් එල්ල කරලා ලකුණු ලබා ගැනීමයි. ඒ අය අපට වැඩිය වැඩි බලයකින් පන්දුවට පහර දෙන අයයි. 20-20 තරඟවලදී සාමාන්‍ය කණ්ඩායම් තරඟවලට වැඩිය කණ්ඩායම් වෙනසක් අවශ්‍ය බව මමත් පිළිගන්නවා. ඒ අනුව අපේ කණ්ඩායමේ ස්ථාන දෙක තුනක වෙනසක් අවශ්‍යයි. මම දකින විදිහට අපෙන් තරඟය ගිලිහුණේ තරඟය මැදදී මාලිංගගෙන් වැඩි ලකුණු ප‍්‍රමාණයක් දීම මතයි. ඒ වගේ වෙලාවට දඟපන්දු යවන්නන් ගෙනැල්ලා පාලනය කරන්න උත්සාහ කරන්න තිබුණා. ඒත් කොදෙවුවන් 137කට කැඩුවට පස්සේ අපිට පන්දු යවන්නන්ට දොස් කියන්න බෑ. කොහොම උණත් තරඟයෙන් පස්සෙ අපිට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒත ඒවයෙ වලංගු භාවයක් නෑ. කොහොම වුණත් නැවත වරක් අපි අනුශූරයෝ වෙන තත්වයට තරඟයෙන් පරාජය වීම ගැන අපි කාටත් කණගාටුවක් තියෙනවා.’ යයිද ඔහු සඳහන් කරයි. Share featured Latest slider 2012-10-09 ceylonradio Share Facebook Twitter Google + Pinterest