තබ්බෝවේ ඩයිනෝසෝර පොසිල

තබ්බෝව වැවට අයත් අමුණුක සිදුකෙරෙන ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් තබ්බෝව වැව අසල ජුරාසික පොසිල තැන්පතු අනතුරට ලක්ව ඇති බව ශී‍්‍ර ලංකා වනජීවි උරුමභාරයේ පුරා සත්ත්ව විද්‍යාඥ කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා සඳහන් කළේය. පොළොව විද සිදුකළ පර්යේෂණවලින් සහ මතුපිටට ගවේෂණවලින් වයඹ දිග ශී‍්‍ර ලංකාවේ ස්ථාන තුනක ජුරාසික යුගයට අයත් පොසිල පවතින බව තහවුරු කරගෙන තිබෙන බවත් මනමේන්ද්‍ර ආරච්චි මහතා සඳහන් කළේය.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ තබ්බෝව වැව අසලත්, පල්ලම ග‍්‍රාමයේත්, ඊට ආසන්න ආඬිගම ග‍්‍රාමයේත් මෙම ජුරාසික පොසිල හමුවේ. ඒ අතරින් ජුරාසික පොසිල තැන්පතුවක් පොළොව මතුපිට දැකිය හැකි වනුයේ තබ්බෝව වැව අසලදී පමණක් බවද ඔහු සඳහන් කළේය. කාල නිර්ණය අනුව අදින් වසර මිලියන 100 කට පෙර පැවැති යුගය ජුරාසික අවධිය ලෙස සැලකේ.

දේශීය මෙන්ම විදේශීය භූ විද්‍යාඥයන් ශී‍්‍ර ලංකාවේ ජුරාසික පොසිල පවතින බව තහවුරු කරන ලද්දේ ආසන්න වශයෙන් දශක 7ට පමණ ඉහතදීය. ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ද, කොළඹ ජාතික කෞතුකාගාරයෙන්ද සිදුකළ පර්යේෂණවලින් මෙම පොසිල තැන්පතුවල තිබී පොසිල රාශියක් හඳුනාගැනිණි. මීවන ශාක ඇතුළුව පහත් මට්ටමේ ශාක පොසිල රැුසක් ඒ අතර විය. මීට දශක 5කට පමණ ඉහතදී කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල මහතා විසින් තබ්බෝව පොසිල තැන්පතුවේ තිබී පුරාණ මත්ස්‍ය පොසිල 2 ක් හඳුනා ගන්නා ලද බවද මනමේන්ද්‍ර ආරච්චි මහතා සඳහන් කළේය.

යම් පොසිල තැන්පතුවල ශාක පොසිල හමුවේ නම් එහි සත්ත්ව පොසිලද පවතී. එබැවින් මෙම තබ්බෝව පොසිල තැන්පතුවේ ඩයිනසෝර් පොසිල වුව තිබිය හැකි බවත්, එසේ තිබියදී ශී‍්‍ර ලංකාව පුරා ජෛව සම්පතක් වන තබ්බෝව ජුරාසික පොසිල තැන්පතුව විනාශ වීමට ඉඩදී බලා සිටීම කනගාටුදායක බවත්, පුරා සත්ත්ව විද්‍යාඥ කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා සඳහන් කරයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...