තමිල්නාඩු සංචාරයේ නිරත වන ශ්රී ලාංකිකයින් හට රජය විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
(03) තමිල්නාඩු සංචාරයේ නියැලුණු පුද්ගලයින් 184 දෙනෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සමඟිනි.
වන්දනා චාරිකාවක් ලෙස පූර්ණිමාතා පල්ලියේ වන්දනාමාන කිරීමේ දී ආදාළ පිරිසට බියවැද්දීම් හා තර්ජනය කිරීම් සිදුව ඇතැයි වාර්තා වේ.මෙය ශ්රී ලාංකිකයින්ට තර්ජන එල්ල වූ ප්රථම අවස්ථාව නොව.
මීට ඉහත දීද ක්රීඩා කටයුතු සඳහා, වන්දනා චාරිකා සඳහා, සංස්කෘතික සංදර්ශන සඳහා ආදී වූ දේ හා සම්බන්ධ වූ ශ්රී ලාංකිකයින්ට තර්ජන එල්ලකිරීම් සිදුවිය.
මේ හේතුවෙන් තමිල්නාඩු සංචාරයේ නිරතවන ශ්රී ලාංකිකයින්ට වඩා සැළකිලිමත් වන ලෙස රජය ඉල්ලීමක් කර ඇත.
පවතින්නා වූ තත්ත්වය පිළිබඳ ඉන්දීය රජය සමඟ සාකච්ඡා පවත්වන බව රජය පවසයි.
එහිදී ඉන්දීය රජය විසින් තමිල්නාඩුවේ සංචාරයේ නිරතවන ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් එහි සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට විදේශ කටයුතු අමාත්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.