19.2 C
London
Monday, May 19, 2025
spot_img

තම මරණය පින්තූරයට ගත් ඡායාරූප ශිල්පියා

තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි.

ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහමඞ් සමීර් අසෙම් (26) නැමැත්තෙකි. අහමඞ් ඊජීප්තුවේ පුවත්පත් සමාගමක නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරනවා.

කයිරෝ නගරයෙහි බලයෙන් පහකරන ලද ජනාධිපති මොහොමඞ් මෝසී රදවා ගෙන සිටිතියි විශ්වාස කරන ජනරජ මුරකාය පිටත ගොඩනැගිල්ලක ඉහළ සිට ඔහු ඡායාරූප ගත කරමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව තිබෙනවා. ගරිල්ලා සෙබලෙකු ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තබන දසුනක් ඔහුගේ කැමරාවෙහි සටහන් වී ඇති බව සදහන්ය.

උදෑසන 6ට පමණ මිනිසෙක් ලේ තැවරුණු කැමරාවකුත් රැගෙන තම කාර්යාලයට පැමිණි බවත්, අපේ පුවත්පතේ කෙනෙක් වෙඩි පහරකින් තුවාල වී ඇති බව පැවසූ බවත් අහමඞ් සමීර්ගේ පුවත්පතේ කර්තෘ අහමඞ් අබූ පවසා තිබෙනවා.

පසුව ගොඩනැගිල්ලක් උඩ ඡුායාරූප ගිනිමින් සිටි අමඞ්ගේ නළලට සෙබලෙක් වෙඩි තබා ඔහු ඝාතනය කර ඇති පුවත ලැබුණු බව ඔහු පැවසුවා. සම්පූර්ණ සිද්ධියම මුල සිට අහමඞ්ගේ කැමරාවෙහි සටහන් වී ඇති බවත් ඔහු සදහන් කළා.

එදින ඊජිප්තු ආරක්‍ෂක සෙබළුන්ගේ වෙඩි තැබීමෙන් සාමාන්‍ය වැසියන් 51 ක් මරුමුවට පත්වුනා. ත‍්‍රස්තවාදීන් පිරිසක් පහර දීමට උත්සහ කිරීමේදී වෙඩි තැබීම ආරම්භ කළ බවට හමුදාව නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

එහෙත් සිවිල් යුද්ධයක් ඇති වීමට කටයුතු කරනු වෙනුවට මෙලෙස ලේ වැගිරීම් නවත්වන්න කටයුතු කිරීම සෙබළුනගේ යුතුකම බව ආගමික පූජකවරු පවසනවා.

1(54) 3(33)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles